IOC ඉන්ධන මිලත් ඉහළට | දිනමිණ

IOC ඉන්ධන මිලත් ඉහළට

ලංකා අයි. ඕ. සී සමාගම ද ඉන්ධන මිල ඉහළ දැමීමට තීරණය කර තිබේ.

එම සමාගම පවසන්නේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 03 කින් ඉහල දමා ඇති  අතර එක්ස්ට්‍රා ප්‍රිමියර් පෙට්‍රල් ලිටරයක මිල රුපියලි 05 කින් ද ඉහල දමා ඇති බවයි.

මීට අමතරව සුපර් ඩිසල් ලීටරයක මිල රුපියල් 02කින් ද ඉහල දැමිමට එම සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කට ද ඔක්ටේන් 95 වර්ගයේ එක්ස්ට්‍රා ප්‍රිමයර් පෙට්‍රල් ලීටරයක් රුපියල් 167කට ද සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 136කට ද අයි.ඕ.සී සමාගම මගින් අලෙවි කරනු ඇති.

නව අදහස දක්වන්න