Monday, මැයි 13, 2019 - 08:24
පාසල් ක්‍රීඩාව ඉහල නැංවිම සඳහා ජාත්‍යන්තර, ජාතික සහ පළාත් මට්ටමේ ඉහළ ජයග්‍රහණ ලැබු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3888 දෙනෙකු ක්‍රීඩා පුහුණුකරුවන් ලෙස පාසල් සේවයට එක්කර ගැනීම අද(13) සිදු කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.
ඊට අදාළ පත්වීම් ලිපි ප්රදානය අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු කෙරේ.
ජාත්‍යන්තර සමස්ත ලංකා සහ පළාත් තරග වලදී ප්‍රථම ,දෙවන සහ තුන්වන ස්ථාන හිමි කර ගනිමින් ඉහළ දක්ෂතා දැක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රායෝගික හා සම්මුඛ පරීක්ෂණ වලින් අනතුරුව මේ සඳහා තෝරා ගෙන ඇත.
නව අදහස දක්වන්න