‘රජයෙන්-ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් කිසිම ආකාරයක මාධ්‍ය වාරණ පනවා නෑ’ | දිනමිණ

‘රජයෙන්-ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් කිසිම ආකාරයක මාධ්‍ය වාරණ පනවා නෑ’

රජය හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කිසිදු ආකාරයක මාධ්‍ය වාරණයක් පනවා නොමැති බව අවධාරණය කරයි.

පසුගිය 21 වැනි දින රට තුළ උද්ගත වූ අවාසනාවන්ත තත්ත්වය සමඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කළ තොරතුරු ජනතාව වෙත ලබාදීම සඳහා රටේ සියලු ජනමාධ්‍ය ආයතන සම්බන්ධීකරණයෙන් පොලිස් සහ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් ඇතුළත් වූ විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇත. එම තොරතුරු ලබාදීමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ රැස්වීමක් පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්විණි. එහිදී රටේ දෛනික ජන ජීවිතය යථාවත් කිරීම සඳහා මාධ්‍යයේ සමාජ වගකීම සහ කාර්යබාරය පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එම සාකච්ඡාවේදී වැටලීම්වලින් සොයාගන්නා කඩු, කිණිසි ආදියෙහි තහවුරු නොකරන ලද දර්ශන විකාශය / පළ කිරීම පිළිබඳ අදහස් හුවමාරු වූ අතර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඉල්ලීම වූයේ අනවශ්‍ය ලෙස මහජන කැළඹීම් සහ මහජනතාව භීතියට පත්වීම වැළැක්වීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරුන් නිකුත් කරනු ලබන හෝ තහවුරු කළ දර්ශණ පමණක් විකාශය පළකරන ලෙසයි.

මෙම කරුණු සැලකිල්ලට ගනිමින් ජාතික වගකීමක් ලෙස සලකා මාධ්‍ය ආයතන කටයුතු කරනු ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අපේක්ෂා කරයි.

නව අදහස දක්වන්න