මුස්ලිම් සමාජය ගැන තිබූ විශ්වාසය ගොඩනඟන්න එකතු වන්න | දිනමිණ

මුස්ලිම් සමාජය ගැන තිබූ විශ්වාසය ගොඩනඟන්න එකතු වන්න

පාස්කු ඉරිදා දින කතෝලික පල්ලි කිහිපයක් සහ හෝටල් කිහිපයක් ඉලක්ක කර ගනිමින් මුස්ලිම් අන්තවාදීන් පිරිසක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව නිසා මුස්ලිම් සමාජය පිළිඉඳව ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබූ විශ්වාසය බිඳවැටී ඇති නිසා එම විශ්වාසය යළි ගොඩනඟා ගැනීම වෙනුවෙන් මුස්ලිම් සමාජය විසින්ම ක්‍රමවේදයක් සකස් කර ක්‍රියාවට නැංවිය යුතු බව බ්‍රිගේඩියර් අසාද් ඉසදීන් මහතා පැවසීය.
 
බ්‍රිගේඩියර්වරයා එසේ ප්‍රකාශ කරනු ලැබුවේ දෙහිවල ග්‍රෑන්ඩ් ජුම්මා මුස්ලිම් පල්ලියේ දී පසුගිය ඉරිදා (12) පැවැත්වූ මුස්ලිම් ජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටනකදීය. ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කර තිබූ මෙම වැඩසටහනට කොළම දිස්ත්‍රීක් මස්ජිද් සම්මේලනයේ නිලධාරීන් මෙන්ම දෙහිවල ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවද විශාල පිරිසක් එක්ව සිටියහ.
 
එහිදී බ්‍රිගේඩියර් අසාද් ඉසදීන් මහතා මෙසේද කීය.
 
“මාත් එක්ක පැමිණි අනෙක් නිළධාරී ඔක්කෝම අපි අවුරුදු 25 ක් 30 ක් විතර සේවයක් තියෙන නිළධාරීන්. අපි ඇත්තටම මේකට එන්නේ දුකින්. මොකද අපි යුද හමුදාවට බැදිලා ත‍්‍රස්තවාදීන් එක්ක සටන් කළේ මෙම සමාජයට නැත්තන්ම් ශ‍්‍රි ලංකාවට සාමය ගේන්න. සාමය ගේන්න ලොකු කැපකිරීමක් කරා. ඉතින් මෙච්චර දුරක් ඇවිල්ලා මේ වගේ ත‍්‍රස්තවාදචාදී ප‍්‍රහාරයක් මුස්ලිම් ජන සමාජය තුළින් පැමිණීම ගැන දුකයි. ඒක ඔයගොල්ලන්ට මං දන්නේ නෑ කොහොම තේරුණාද කියලා. නමුත් තේරුම් ගන්න කාලය ඇවිත්. අපි මෙච්චර වෙලා කතා කරපු ඒවා අහගෙන හිටියේ අපේ දුක විතරයි. නමුත් අපි අර මැරෙච්ච 250 දෙනොගේ  ඒගෝල්ලන්ගේ දූවරු අම්මලා තාත්තලාගේ දුක ඔයගොල්ල දන්නේ නැද්ද ඒක තමා මට තියෙන දුක.“
 
“ඉතින් මෙතන ඇවිල්ලා ඔයගොල්ලන්ගේ අමාරුකම් හිතන්න එපා. අර 250 දෙනා ගැන පොඩ්ඩක් හිතන්න. ඒගොල්ල ගැන දුක් වෙන්න. ඒගෝල්ල ගැන තැකීමක් තියන්න. මම මේ අවුරුදු 30 ගණනක් තිස්සේ  යුද්ධ කරලා වැඩක් නැහැනේ. මුස්ලිම් නිළධාරීන් වශයෙන් ඒ සාමය අපිට ගේන්න බැරිනම්. අපි ඇවිල්ලා මුස්ලිම් සමාජය මේ ලංකාවේ අවුරුදු 1000 කට විතර එහා ගිය සමාජයක්.“
 
මේ රටේ  ජන කොට්ඨාස රාශීයක් තියෙනවා. සිංහල,මුස්ලිම්,දෙමළ ඒ වගේම ක්‍රිස්තියානී අය වගේම තවත් විශාල ජන කොට්ඨාසයන් ඉන්නවා. ඒ ඔක්කොම අපි එක සහෝදරයෝ සහෝදරියෝ වගේ එක සමාජයක ඉන්නේ. ඉතින් මේක යාම්තාක් දුරකට අපෙන් ඈත් වෙලා තියෙන්නේ. ඉතින් ඒකට පිළියමක් යොදන්න ඕනේ ඉදිරියේදී .ඉතින් ඒකට තමයි යුද්ධ හමුදාධිපතිතුමා කිව්වේ කතා කරලා මේ ගැන දැනුවත් කරන්න කියලා. අපි ඔක්කෝටම වගකීමක් තියෙනවා මේ රට ගැන. මේ වෙච්ච මිලේච්චජ ත්‍රස්තවාදී ප්‍රහාරය මුස්ලිම් සමාජය විදිහට අපිට බැරි වුනා ඒක නවත්ත ගන්න. ඒක තමයි දුක. 
 

නව අදහස දක්වන්න