ඇතුගල්පුරට සන්නාම 5ක් | දිනමිණ

ඇතුගල්පුරට සන්නාම 5ක්

ශ්‍රී ලංකාවේ අග්‍රගණ්‍යම පාරිභෝගික සේවා සන්නාමයක් වන සොෆ්ට්ලොජික් විසින් ශ්‍රී ලංකාවේ සුවිසල් සන්නාම 5කින් සමන්විත වූ සිය නවතම ප්‍රදර්ශනාගාරය 2019 මැයි මස 10 වැනිදා කුරුණෑගල නගරයේ දී උත්සවාකාරයෙන් විවෘත කළේය.

මෙම සුවිශේසී අවස්ථාවේ දී සොෆ්ට්ලොජික් හෝල්ඩිංස්හි සභාපති/කළමනාකාර අධ්‍යක්ෂක අශෝක පතිරගේ මහතා විසින් සමාරම්භක පීත්ත පටිය කපා කුරුණෑගල ශාඛාව නිල වශයෙන් විවෘත කළේය. දිවයින පුරා විහිදී ඇති සොෆ්ට්ලොජික් අලෙවිසැල් ජාලයට අලුතින්ම එකතුවන කුරුණෑගල සුවිසල් ප්‍රදර්ශනාගාරයේ ODEL, Softlogic Glomark Supermarket, Burger King, Baskin Robbins iy Softlogic MAXආදී වූ ශ්‍රී ලංකාවේ ප්‍රචලිත සන්නාමයන් එකම තැනකින් ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයන්ට උදාවේ.

කුරුණෑගල නගර මධ්‍යයේ සියලු දෙනාට ලෙහෙසියෙන් පහසුවෙන් ළඟාවිය හැකි අංක 75, කොළඹ පාරේ කුරුණෑගල පොලිස් ස්ථානයට යාබදව වාහන ගාල් කිරීමේ පහසුකම් ද සහිතව තට්ටු හතරක සුවිසල් ගොඩනැඟිල්ලක ස්ථාපිත කර තිබේ. මෙම නව සොෆ්ට්ලොජික් ප්‍රදර්ශනාගාරයේ සියලුම මහල්වල එකිනෙකට වෙනස් සොෆ්ට්ලොජික් අලෙවි ශාඛා ස්ථාපනය කර තිබෙන අතර යටම බිම්මහල Glomark සුපිරි වෙළඳසැලට වෙන්කර තිබේ. එමෙන්ම බිම්මහල Baskin Robbins සහ Burger King සඳහා ද පළමු මහල ODEL ප්‍රදර්ශනාගාරය සඳහා ද දෙවන මහල ODEL Sports, ODEL Home සහ Softlogic MAX සඳහා වෙන්කර තිබේ.

නව අදහස දක්වන්න