අලුත් පනත ගෙන එන්නේ රටේ උන්නතියටයි | දිනමිණ

අලුත් පනත ගෙන එන්නේ රටේ උන්නතියටයි

රක්ෂණ ශ්‍රියන්ත

වත්මන් ත්‍රස්ත්‍රවාදය වැළැක්වීමේ පනතින් ත්‍රස්තවාදයට සම්බන්ධවූවන්ට මරණ දණ්ඩනය නියම කිරීමට නොහැකි වූවද යෝජිත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් ත්‍රස්තවාදයට සම්බන්ධවූවන්ට මරණ දණ්ඩනය නියම කිරීමට හැකි බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි.

ඒ මහතා මෙසේ අදහස් දැක්වූයේ ඊයේ (13) කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ පිහිටි එම අමාත්‍යංශයේ පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියේ, යෝජිත පනත සම්මත වූ පසු හමුදාවට වූවද සෝදිසි කිරීමෙන් පසු පුද්ලයන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලීසියට භාරදීමටත්, ශ්‍රී ලංකාවට විරුද්ධව නොව අනෙකුත් රටකට වූවද විරුද්ධව ත්‍රස්ත්‍රවාදී ව්‍යාපාරයකට සම්බන්ධ පුද්ගලයකුට අපේ රටේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි ආකාරයට මේ පනත සංශෝධනය වෙන බවද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මින් ඉදිරියට ගෝලීය ත්‍රස්ත්‍රවාදයට සම්බන්ධ සියලු දෙනාට අපේ රටේ පුරවැසියකු නොවුන ද පදංචිකාරයකු වූවද අපේ රටේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකි ආකාරයට මේ පනත සංශෝධනය වීමෙන් ඒ නෛතික බලය අපට ලැබෙන බවද ඇමැතිවරයා කියා සිටියේය. මෙම සංශෝධන ගෙන එන්නේ රටේ උන්නතිය උදෙසා බව කියා සිටි ඇමැතිවරයා අද ලොව පුරා නැගෙන එකම හඬ වන්නේ ත්‍රස්ත්‍රවාදයට දැඩි දඬුවම් ලබාදිය යුතු යන්නබවද කීය.

තමා විපක්ෂයෙන් අසා සිටින්නේ කලින් මේ පනතට කැමැති වූවද දැන් මේ පනතට අකමැතිවන හේතුව කුමක්ද යන්න බවත්, ත්‍රස්ත්‍රවාදීන්ට දඬුවම් ලබාදීමට විපක්ෂය අකමැති ද යන්න බවත් යැයි කීය.

ත්‍රස්ත්‍රවාදීන්ට දැඩි දඬුවම් ලබාදීමේ අරමුණින් යුතුව යෝජිත නව පනත ගෙන එන බව වැඩිදුරටත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

අදහස් 1ක් ඇත

http://ravaya.lk/?p=175063 For Information regarding National Security Laps In Srilanka ගමන් බලපත්‍රය නොහොත් Passport යනු ජාත්‍යන්තරව ගමන් අවසරය ලැබෙන හඳුනාගැනීමේ ලියවිල්ලකි. බොහෝ මාධ්‍යයන් මෙයට ගුවන් ගමන් බලපත්‍රය යැයි භාවිත කරන්නේ එය වැරදි බව දැනගෙන නොවේ. ගුවනින් පමණක් නොවේ ගොඩබිමින් හෝ මුහුදින්ද ගමන් කිරීමට එය භාවිත කරන බැවින් එය ගමන් ලියවිල්ලකි. ජාත්‍යන්තරව රටකට ලැබෙන අභිමානය ගමන් බලපත්‍රයකට ලැබෙන සැළකිල්ලය. ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ඇතැම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වලදී ඉදිරිපත් කළ වහාම අප වෙත යොමුවන තියුණු බැල්මෙන්ම අපට ලැබෙන අන්තර්ජාතික සැළකිල්ල මැන බලා ගත හැක. 2019 ජාත්‍යන්තර ගමන් බලපත්‍ර දර්ශකයට අනුව රටවල් 199 අතරින් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 185 වැනි ස්ථානයේ පිහිටා තිබේ. ලොව අංක 1 ට වැටෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රයය. ඇෆ්ගන් ගමන් බලපත්‍රය 199 ස්ථානයේය. රටක ගමන් බලපත්‍ර තොරතුරු, රටට ඇතුල්වන අය, රටෙන් පිටවන අය සම්බන්ධ තොරතුරු, උසාවි තහනම් නියෝග අඩංගු දත්ත ගබඩා වලට භාවිත කරන නාමය Border Control Database නොහොත් දේශසීමා පාලක දත්ත බැංකුව යන්නය. මෙය අධි ආරක්ෂාව යටතේ පවතී. රහස් පොලිසිය කියන්නේ ඔවුනට Border Control Database වෙත ඇතුල් වීමට බලයක් නොමැති බවයි. හිටපු ආගමන විගමන පාලක බඹරවානගේ මහතා පවසන්නේ රහස් පොලිසියේ එම ප්‍රකාශය අසත්‍ය බවයි. මම 28 වසරක් මෙරට විදේශ රැකියා නියෝජිතයකු ලෙස කටයුතු කරද්දී සාමාන්‍යයෙන් විදේශ රැකියා නියෝජිතයින් වංචා සහගත වැඩවල යෙදෙන බවට පිළිගත් පිරිස් බැවින් මා වෙත පැමිණෙන ඇතැම් අයද චකිතයකින් තොරවම තමන්ට ඇත්තේ වයස අඩු කොට සෑදූ ගමන් බලපතක් බව විවෘතවම කියයි. ඒ මම ද එවැනි දේ අනුමත කරනවාය යන ඔවුන්ගේ පූර්ව නිගමනය නිසා ය. ඔවුන්ගේ එම ආකල්පය නිසාම විවිධ ආකාරයෙන් හොරට සෑදූ ගමන් බලපත් එකතුවක් මට කාලයාගේ ඇවෑමෙන් සකසා ගැනීමටත්, හැඳුනුම්පත් අංකය ගැටලුවක් නොවන ලෙස එම හොර පාස්පෝට් නිකුත් කර ඇත්තේ කෙසේද යන්න ගැන වෝහාරික (Forensic) අධ්‍යයනයක් කිරීමටත්, හොර පාස්පෝට් සකසන නිලධාරීන්ට විරුද්ධව රහස් පොලිසියට කටයුතු කළ නොහැකි වීමට හේතුවත් මට විමර්ශනය කරන්න පුලුවන් වුණා. හොර පාස්පෝට්වලට භාවිත කරන ජාතික හැඳුනුම්පත් අංක පිළිබඳ සමීකරණයක් ද මට උපකල්පනය කරගත හැකි වුණා. පුරවැසියකු ලෙස ඔප්පු කිරීමට ලියවිලි 2 ක් අවශ්‍ය වේ. පළමුව ජාතික හැඳුනුම්පතය. අනතරුව විදේශ ගමන් බලපත්‍රයක්ය. මෙම ලියවිලි දෙක හොරට හැදිය හැකිනම් කළ නොහැකි දෙයක් නැති තරම්ය. රටේ විනය පිරිහීමට පමණක් නොව රාජ්‍ය ආරක්ෂාවටද මෙය තර්ජනයකි. ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ට වුවද ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබාගෙන මොහොතකින් ලාංකිකයකු වීම අපහසු නැත. වෙලේ සුදා සහ ඔහුගේ බිරියත්, මාකඳුරේ මදූෂ් සහ වෙනත් බොහෝ අපරාධකරුවන්ටද රටින් පැනයාමට උපකාරී වූයේ මේ හොර ගමන් ලියවිලිය. රිසානා නෆීක්ට තිබුණේ හොර ගමන් බලපතක් නම් ඇය ගුවන් තොටින් පිටමං වූයේ කෙසේද? හොර ගමන් ලියවිලි කියන්නේ හොරට මුද්‍රණය කළ ඒවා නොව පාස්පෝට් කන්තෝරුවෙන්ම නිකුත් කළ ඒවාය. උදාහරණයක් ලෙස මහ බැංකුවෙන්ම නිකුත් කළ මුදල් නෝට්ටුවක් ගැන මහ බැංකුවෙන් කීවොත් එවැනි අංක සහිත මුදල් නෝට්ටුවක් ඔවුන් නිකුත් කර නොමැති බව එය හොර නෝට්ටුවක් විය නොහැක. මාකඳුරේ මදූෂ්ගේ ගමන් බලපත්‍රය සාවද්‍ය නම් ඔහු ගුවන් තොටින් පිටවූයේ කෙසේද? පිටවූ දින ආගමන විගමන කවුන්ටරය ඔහුගෙන් ලබාගත් “නැව් නැගීමේ කාඞ්පත” කෝ? එදා ඔහු ගියේ කුමන යානයකින් ද? ඒ යානයේ මගී ලේඛනය කෝ? සාවද්‍ය ගමන් බලපත් කියා මාධ්‍ය හරහා පවසද්දී එය ජනතා බුද්ධිය හාස්‍යයට ලක් කිරීමකි. මදූෂ් රටින් පිටවීමේදී පුරවා ඉදිරිපත් කළ Embarkation පොර්මයද හාඞ් කොපි වශයෙන් දෙපාර්තමේන්තුව තබා නොගන්නවාද? මධුෂ්ගේ පාස්පෝට් එකේ ‘පිටත් විය’ රබර් මුද්‍රා තිබෙනවා නම් ඒ මුද්‍රාව තැබූ නිලධාරියා ඒ අවස්ථාවේ එම පාස්පොට් එක සාවi බව සොයා නොගත්තේ ඇයි? මෙම ප්‍රශ්න රහස් පොලිසියටයි. සෙන්ට්‍රල් ෆිනෑන්ස් ලොක්කා චූලක ගුණවර්ධන බිලියන 3.4 වංචා කොට 2013.09.02 දින මල්ලව ආරච්චිගේ දීප්ති පෙරේරා යන නමින් හොර ගමන් බලපතකින් විදේශ ගත වූයේ කටුනායක ගුවන් තොටින් මිස වෙන කොහෙන්ද? රාජ්‍ය ආරක්ෂාවට මේවා තර්ජන බවට වෙන සාක්ෂි මොනවාටද? පාස්පෝට් සහ හැඳුනුම්පත් සාවද්‍ය ලෙස සැකසීමටත්, ඒ ආශ්‍රයෙන් මුදල් අයථා ලෙස ඉපැයීමටත් පාස්පෝට් සහ හැඳුනුම්පත් කාර්යාල සූක්ෂ්ම ලෙස විද්‍යුත් හා ව්‍යුහාත්මක යටිතල පහසුකම් සකසාගෙන ඇත. හඳුනාගැනීමේ සහතික ඉවත් කිරීම පාස්පෝට් නිකුත් කිරීමට දැනට කලකට පෙර සාමදාන විනිශ්චයකාරවරයකු අත්සන් කළ යුතු විය. ඇත්තටම එය එසේම නොවීය. රජයේ විධායක නිලධාරියෙක්, කොමිෂන් ලත් හමුදා නිලධාරියෙක්, දුම්රිය ස්ථානාධිපති, තැපැල් ස්ථානාධිපති හෝ දොස්තර කෙනෙක් යන අයට හා විවිධ තරාතිරම්වල පිළිගත් අයටද එසේ අත්සන් කිරීමට අවසර තිබුණා. එහෙත් කිසිම අවස්ථාවක රජයේ පරිපාලන ඒකකයේ පළමුවන පුරුක වූ ග්‍රාම නිලධාරියාට පාස්පෝට් ඉල්ලුම්පතක් අත්සන් කිරීමේ බලය දී තිබුණේ නැහැ. පුරවැසියකු හඳුනන කිට්ටුම හා එකම නිල ලත් රාජ්‍ය නිලධාරියා ග්‍රාම සේවා නිලධාරියාය. මේ වටිනා පුරුක දම්වැලට යා කර නොගැනීමත්, තෙවැනි පාර්ශ්වයක සහතික කිරීමකින් තොරව පාස්පෝට් නිකුත් කිරීමත් ආරම්භ කරමින් සාමදාන විනිශ්චයකාරවරයා පමණක් නොව අනෙක් සියලුම අය ඉන් ඉවත් කළේ දැනට වසර 10 කටත් අඩු කාලයකදීය. එකල පාස්පෝට් චිත්‍රයෙන් සාම විනිසුරු ඉවත් කිරීම ගැන ජනතාව ප්‍රීති ඝෝෂා නඟන්නටත්, පුවත්පත් කතු වැකි වලින් පාස්පෝට් කන්තෝරුව වර්ණනා කරන්නටත් විය. පරිපාලන දර්ශනය පාස්පෝට් එකක් ලබාගැනීමට තෙවැනි පාර්ශ්වයක සහතිකය ලබාගැනීමේ දර්ශනය වන්නේ පාස්පෝට් ඉල්ලුම්කරු හඳුනාගැනීමට සහාය ලබාගැනීමයි. ඒ සඳහා සාමදාන විනිසුරු පුරුක ගලවා දමන ගමන් ඒ වෙනුවට වෙනත් ආදේශකයක් හඳුන්වා නොදීමෙන් මේ රාජ්‍ය පරිපාලන දර්ශනය නොසලකා හැරීමේ රහස, කටයුතු සරල කිරීම හෝ කාර්යක්ෂම කිරීම නොව “තනියෙන් කෑමේ” අවශ්‍යතාව සහ හොර පාස්පෝට් නිකුත් කිරීමේ යටිතල පහසුකම් පහසුවෙන් අල්ලා ගත නොහැකි ලෙස සංවිධානය කරගැනීමේ අරමුණයි. ඉස්සර හොර පාස්පෝට් සැකසීමේදී අනිවාර්යයෙන්ම ගාස්තුවෙන් කොටසක් සාම විනිසුරු වෙත යන්නේ හොර වැඬේ ආරම්භක පුරුක ඔහු නිසාය. සාම විනිසුරු ගැන තිබු තක්කඩි ආකල්පය නිසා ඔහුව චිත්‍රයෙන් ඉවත් කරනවාට කවුරුත් පක්ෂ වුවද, ඉන් පසු ඇති වන පරිපාලන දුබලතාව වටහාගැනීමට පාලකයෝ අසමත් වූවාට වඩා ඔවුන්ගේ අයථා ලෙස ඉපැයීමේ දුෂ්ඨ චේතනාව ප්‍රබල විය. ඇඟිලි සළකුණු තෙවැනි පාර්ශ්වීය සහතික කිරීමකින් තොරව පාස්පෝට් නිකුත් කිරීම සාධාරණීකරණය කිරීම සඳහා යොදාගත් ඊළඟ ආවරණය ඇඟිලි සළකුණු ලබාගැනීමයි. ලබාගන්නා ඇඟිලි සළකුණු ගමන් බලපත්‍රයට සම්බන්ධ නොමැති නිසා ගමන් බලපත්‍රය භාවිත කරන බැංකු, හෝටල් හෝ වෙනත් ස්ථානවලදී ගමන් බලපත්‍රය සහ හිමිකරුගේ ඇඟිලි සළකුණු සැසඳීමේ අවස්ථාවක් නැත. ඇඟිලි සළකුණු සසඳා ගමන් බලපත් හිමියා හඳුනාගැනීමට පහසුකම් නොමැති නම් ඒ ඇඟිලි සළකුණු කුමටද? ලංකාවේ පාස්පෝට් එකට ඇඟිලි සළකුණු ලබාගැනීම හුදෙක්ම ඇස් බැන්දුමකි. තෙවන පාර්ශ්වයක හඳුනාගැනීම සහතික කිරීම ඉවත් කිරීමේ වංක චේතනාව ආවරණය කරගැනීමට පාවිච්චි කළ දුෂ්ඨ උපායකි. ඔරිජිනල් ලියවිලි ආපසු දීමේ රහස ඔබ පාස්පෝට් බලපත්‍රය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ඉල්ලුම්පත, ඔබේ මුල් ඡායාරූපය, උප්පැන්නයේ ඡායා පිටපත්, හැඳුනුම්පත් පිටපත්, දිවුරුම් ප්‍රකාශ ආදී සියලු ලියවිලි ඔබට අලුතින් නිකුත් කළ ගමන් බලපත්‍රය සමග ආපසු දෙනවා. එම ලියවිලි බහා දෙන කවරයේ “නීතිමය අවශ්‍යතා සඳහා ඔබගේ මෙම ඉල්ලුම් පත්‍රය වසර 10ක කාලයක් සුරැකිව තබාගන්න” යනුවෙන් මුද්‍රණය කර තිබෙනවා. මෙය විශ්මය ජනක රාජ්‍ය පාලන ප්‍රතිපත්තියකි. යම් අයෙක් හොර පාස්පෝට් සාදා ගැනීමට හොර ලියවිලි ඉදිරිපත් කළා නම්, ඔහුට එම ලියවිලි ආපසු දෙනවා නම් ඔහු ඒවා වසර 10 පුරා ආරක්ෂා කර තබා ගන්නවාද? පාස්පෝට් කන්තෝරු බලධාරීන්ගේ මෙම ප්‍රතිපත්තිය පිටුපස සැඟවුණු රහසක් ඇත. නිලධාරීන් විසින් සාදා දෙන හොර පාස්පෝට් වෙනුවෙන් කිසිදු ලේඛනයක් අවශ්‍ය නොවේ. කොළ කැබැල්ලක තමාට අවශ්‍ය නම, තමන්ට අවශ්‍ය උපන් දිනයත් සමග ඉල්ලා සිටින මුදලත් තැරැව්කාරයාට දීමෙන් එක් දිනකදී හොර ගමන් බලපත්‍රයක් ලබාගත හැක. ඒ සඳහා හැඳුනුම් පත් අංකයක් ද අවශ්‍ය නැත. පාස්පෝට් කන්තෝරුව සහ හැඳුනුම්පත් කන්තෝරුව හැඳුම්පත් අංකයක් “නිෂ්පාදනය” කරනු ලැබේ. සැබෑ පාස්පෝට් වෙනුවෙන් ඉදිරිපත් කළ ඔරිජිනල් ලියවිලි ස්කෑන් කර තබාගැනීමෙන් හොර පාස්පෝට් නිකුත් කිරීම පහසු කරගත්තේ සැබෑ ලියවිලි ගබඩාකර තබාගතහොත් ඒවා විනාශ කිරීම කළ නොහැකි නිසාය. ස්කෑන් පිටපත් තිබෙන්නේ දෙපාර්තමේන්තුවේම පරිගණක ඇතුළේ නිසාත් ඒවා වෙනත් අයෙකුට අවශ්‍ය නොවන නිසාත් වැඬේ පහසුය. හාඞ් කොපි ගබඩාකර තබාගතහොත් වැඬේ පහසු නැත. හැඳුනුම්පත් අංකය නිපදවන කලාව පැරණි හැඳුනුම්පත් වල ඇත්තේ ඉලක්කම් 9 කි. පළමු ඉලක්කම් 2න් උපන් වර්ෂයත්, ඊළඟ ඉලක්කම් 3න්, උපන්දින දක්වා වසරේ ගෙවී ගිය දින ගණනත් දැක්වේ. ඉතිරි ඉලක්කම් 4 අනුක්‍රමික අංකයයි. මුල්වරට හැඳුනුම්පත් හඳුන්වා දුන් 1972 වසරේදී එසේ හඳුන්වාදුන් අයට කිසිදු දූෂිත චේතනාවක් තිබුණේ නැත. අවසාන ඉලක්කම් 4 යම් දිනක සිදු වූ උපත් සංඛ්‍යාව ඉක්මවා යා නොහැක. ශතවර්ෂ ගණනක් පුරා ලංකාවේ දිනක සාමාන්‍ය උපත් සංඛව 1000 කි. එය කිසිසේත් 9999 නොඉක්මවන නිසයි 1972 හැඳුනුම්පත් හඳුන්වා දීමේදී අවසාන ඉලක්කම් ටික ඉලක්කම් 4 කට සීමා කළේ. හොර පාස්පෝට් වලට යොදන හැඳුනුම්පත් අංකය වමේ සිට 6 වැනි ඉලක්කම නොහොත් දකුණේ සිට 4 වැනි ඉලක්කමේ වටිනාකම අංක 5 ට වැඩි අගයකින් සකසනවා. 5 ඉලක්කම යෙදුවොත් එදින 5000 ගණනක් උපත් තිබිය යුතුය. එය සිදු නොවන දෙයක් නිසා පාස්පෝට් කන්තෝරුවටත්, හැඳුනුම්පත් කන්තෝරුවටත් අංක ඩුප්ලිකේට් වීමේ අවධානමකින් තොරව වැඬේ කළ හැකිය. පහත දැක්වෙන්නේ මා විසින් රැස්කළ හොර පාස්පෝට් වලට යොදාගත් හැඳුනුම්පත් අංකවල අවසාන ඉලක්කම් හතරේ කාණ්ඩයන්ය: (6977), (5719), (7297), (6080), (6756) මේ කිසිඳු දිනක 7000 ගණනක උපත් සිදුව නැත. එක් දිනකට 7000 ගණනක් හැඳුනුම්පත් ගන්නට ආවත්, සෑම උපන් දිනයකටම අංක වෙනස් වන නිසා හැඳුනුම්පත් බලධාරීන්ට මෙවැනි අංක යෙදුම ගැන නිදහසට කරුණු නැත. මාකඳුරේ මදුෂ්ගේ පාස්පෝට් සඳහා පාවිච්චි කර ඇති ජා.හැ.අංකය 790516478 v ය. ඒ අනුව මගේ සමීකරණයේ නිවැරදි බව තහවුරු වෙයි. සාවi පාස්පෝට් සඳහා අවසාන ඉලක්කම් 4ට 5000ට පහළ අගයන් නොයොදන්නේ ඇතැම් දිනවල ලංකාවේ දෛනික උපත් සංඛ්‍යාව 4000 ඉක්මවන දිනද තිබිය හැකි නිසාය. පාසල් වල ජනවාරි මාසයේ ළමුන් ඇතුළත් කර ගැනීමේ වුවමනාවට දරුවන් නොවැම්බර් දෙසැම්බර් මාසවල උපත ලබා ගැනීමට දෙමව්පියන් කටයුතු කරන බැවින් මෙම කාලවල දෛනික උපත් සංඛ්‍යාව 1000 ඉක්මවිය හැක. පාස්පෝට් කන්තෝරු සහ ජා. හැ. පරිගණක නිලධාරීන්ට මහා පරිමාණ මෙගා දත්ත ඇති බැවින් මාගේ මේ උපකල්පනයට වඩා නිවැරදි තොරතුරු ඔවුන්ට තීක්ෂණ ලෙස නිරීක්ෂණයට අවකාශය ඇත. ඉහත සමීකරණයට හසු නොවන සාවද්‍ය ගමන් බලපත්ද තිබෙනවා. වෙනත් අයකුගේ උප්පැන්නයක, ජා.හැ. පතක් භාවිත කොට නිලධාරීන් නොදැනුවත්ව හෝ දැනුවත්ව සාදන පාස්පෝට් ඉහත සමීකරණයට ව්‍යතිරේකයකි. අපේ හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් 4 අගය රටේ දෛනික උපත් ඉක්මවා යා නොහැක. හැඳුනුම්පතට අංක 12 අවශ්‍යද අලුත් හැඳුනුම්පත් අංකයට ඉලක්කම් 12ක් හඳුන්වාදීමට කිසිදු අවශ්‍යතාවක් නැත. එක් දිනකට 99,999 ක උපත් සිදුවීම ක්‍රි.ව. 5000 වනතුරුවත් සිදුවිය නොහැක. හැඳුනුම්පත් අවසානයට ඉලක්කම් 5ක් යොදා ගැනීමෙන් අංක ඩුප්ලිකේට් නොවී පහසුවෙන්ම හොර හැඳුනුම්පත් වලට අගනා යටිතල පහසුකමක් සකසාගෙන ඇත. අගට ඉලක්කම් 5ක් යොදාගැනීමෙන් දිනකට 99,999 උපත් සිදුවේ යැයි සිතුවාද. හොර පාස්පෝට් කියන්නේ වෙනත් කොහේ හෝ මුද්‍රණාලයක මුද්‍රණය කළ ඒවා නොවෙයි. ලංකාණ්ඩුවෙන්ම සැකසූ, දරන්නාගේ සැබෑ දත්ත වෙනුවට වෙනත් සාවද්‍ය දත්ත ඇතුළත් පාස්පෝට් වලටය. මේවා අල්ලාගත නොහැක්කේ ඒවා අල්ලන්නට CID පාස්පෝට් කන්තෝරුවට ඇතුල්වනවාත් සමගම පාස්පෝට් SQL දත්ත බැංකුවෙන් ඒවා අන්තර්ධාන වනවා පමණක් නොව එවැනි පාස්පෝට් තම කාර්යාලයෙන් නිකුත් කර නොමැති බවට මුදුණේම ඉන්නා ලොක්කා පවසන කතාව CID යට අකමැත්තෙන් වුවද විශ්වාස කරන්නට සිදුවන නිසාය. උපතත් මරණයත් අතර ලේඛන සාවi ලෙස සැකසිය හැකි සමාජයක කිසිවක් විශ්වාස කිරීම අපහසුය. අම්මලාට දුවගේ කසාදයට මිනිහෙකුගේ වයස විශ්වාස කළ නොහැක. බැංකුවක ගිණුමක් ආදායකයාගේ ගිණුමට පමණි. චෙක්පතක්, චුදිතයෙක් රටින් පැනයාම වළකන නියෝගයක්, විශ්වාස කරන්නේ කෙසේද? සමස්ත සිවිල් සමාජ අත්තිවාරම ඉරිතලාගොස් කුණු වූ රාජ්‍යයේ පිළිකාව සමාජයම ගිල ගනිමින් තිබේ. මෙම Forensic විග්‍රහය බොහෝ කලක සිට මා සමාජගත කිරීමට කල්යල් බලා සිටියත්, රටේ ආරක්ෂාවට තර්ජනයක්ව ඇති මේ අවස්ථාවේ එය වඩාත් සුදුසු යැයි මම සිතමි. මෙම ලිපිය පළ වූ වහාම පාස්පෝට් කාර්යාලල SQL ත්ත බැංකුවෙන් හොර පාස්පෝට් අන්තර්ධාන වනු නියතය. මේ ගැන CID ය දැනුවත් කළත් ඉන් යමක් සිදුවූයේ නැත. Border Control මෘදුකාංග සකසන අයට දක්ෂ නොව අතිදක්ෂ විශ්ලේෂණ හැකියා තිබිය යුතුය. මෙය Border Control System Software වල දුර්වලතාවයක් හා දූෂිත නිලධාරීන් තනාගෙන ඇති දූෂිත අධිරාජ්‍යයේ තරම පෙන්වන්නකි. ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍යම කෙතරම් කුණු වී දුඟඳ හමන තත්ත්වයකට පත්ව ඇත්ද යන්නට හැඳුනුම්පත් කාර්යාලයත්, ආගමන විගමන කාර්යාලයත් තවත් උදාහරණ දෙකක් පමණි. ජනාධිපතිගේ අවධානයට. Published By Ravaya Newspaper http://ravaya.lk/?p=175063 http://ravaya.lk/?p=175063 For Information regarding National Security Laps In Srilanka ගමන් බලපත්‍රය නොහොත් Passport යනු ජාත්‍යන්තරව ගමන් අවසරය ලැබෙන හඳුනාගැනීමේ ලියවිල්ලකි. බොහෝ මාධ්‍යයන් මෙයට ගුවන් ගමන් බලපත්‍රය යැයි භාවිත කරන්නේ එය වැරදි බව දැනගෙන නොවේ. ගුවනින් පමණක් නොවේ ගොඩබිමින් හෝ මුහුදින්ද ගමන් කිරීමට එය භාවිත කරන බැවින් එය ගමන් ලියවිල්ලකි. ජාත්‍යන්තරව රටකට ලැබෙන අභිමානය ගමන් බලපත්‍රයකට ලැබෙන සැළකිල්ලය. ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ඇතැම් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වලදී ඉදිරිපත් කළ වහාම අප වෙත යොමුවන තියුණු බැල්මෙන්ම අපට ලැබෙන අන්තර්ජාතික සැළකිල්ල මැන බලා ගත හැක. 2019 ජාත්‍යන්තර ගමන් බලපත්‍ර දර්ශකයට අනුව රටවල් 199 අතරින් ශ්‍රී ලංකා ගමන් බලපත්‍රය 185 වැනි ස්ථානයේ පිහිටා තිබේ. ලොව අංක 1 ට වැටෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගමන් බලපත්‍රයය. ඇෆ්ගන් ගමන් බලපත්‍රය 199 ස්ථානයේය. රටක ගමන් බලපත්‍ර තොරතුරු, රටට ඇතුල්වන අය, රටෙන් පිටවන අය සම්බන්ධ තොරතුරු, උසාවි තහනම් නියෝග අඩංගු දත්ත ගබඩා වලට භාවිත කරන නාමය Border Control Database නොහොත් දේශසීමා පාලක දත්ත බැංකුව යන්නය. මෙය අධි ආරක්ෂාව යටතේ පවතී. රහස් පොලිසිය කියන්නේ ඔවුනට Border Control Database වෙත ඇතුල් වීමට බලයක් නොමැති බවයි. හිටපු ආගමන විගමන පාලක බඹරවානගේ මහතා පවසන්නේ රහස් පොලිසියේ එම ප්‍රකාශය අසත්‍ය බවයි. මම 28 වසරක් මෙරට විදේශ රැකියා නියෝජිතයකු ලෙස කටයුතු කරද්දී සාමාන්‍යයෙන් විදේශ රැකියා නියෝජිතයින් වංචා සහගත වැඩවල යෙදෙන බවට පිළිගත් පිරිස් බැවින් මා වෙත පැමිණෙන ඇතැම් අයද චකිතයකින් තොරවම තමන්ට ඇත්තේ වයස අඩු කොට සෑදූ ගමන් බලපතක් බව විවෘතවම කියයි. ඒ මම ද එවැනි දේ අනුමත කරනවාය යන ඔවුන්ගේ පූර්ව නිගමනය නිසා ය. ඔවුන්ගේ එම ආකල්පය නිසාම විවිධ ආකාරයෙන් හොරට සෑදූ ගමන් බලපත් එකතුවක් මට කාලයාගේ ඇවෑමෙන් සකසා ගැනීමටත්, හැඳුනුම්පත් අංකය ගැටලුවක් නොවන ලෙස එම හොර පාස්පෝට් නිකුත් කර ඇත්තේ කෙසේද යන්න ගැන වෝහාරික (Forensic) අධ්‍යයනයක් කිරීමටත්, හොර පාස්පෝට් සකසන නිලධාරීන්ට විරුද්ධව රහස් පොලිසියට කටයුතු කළ නොහැකි වීමට හේතුවත් මට විමර්ශනය කරන්න පුලුවන් වුණා. හොර පාස්පෝට්වලට භාවිත කරන ජාතික හැඳුනුම්පත් අංක පිළිබඳ සමීකරණයක් ද මට උපකල්පනය කරගත හැකි වුණා. පුරවැසියකු ලෙස ඔප්පු කිරීමට ලියවිලි 2 ක් අවශ්‍ය වේ. පළමුව ජාතික හැඳුනුම්පතය. අනතරුව විදේශ ගමන් බලපත්‍රයක්ය. මෙම ලියවිලි දෙක හොරට හැදිය හැකිනම් කළ නොහැකි දෙයක් නැති තරම්ය. රටේ විනය පිරිහීමට පමණක් නොව රාජ්‍ය ආරක්ෂාවටද මෙය තර්ජනයකි. ජාත්‍යන්තර ත්‍රස්තවාදීන්ට වුවද ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයක් ලබාගෙන මොහොතකින් ලාංකිකයකු වීම අපහසු නැත. වෙලේ සුදා සහ ඔහුගේ බිරියත්, මාකඳුරේ මදූෂ් සහ වෙනත් බොහෝ අපරාධකරුවන්ටද රටින් පැනයාමට උපකාරී වූයේ මේ හොර ගමන් ලියවිලිය. රිසානා නෆීක්ට තිබුණේ හොර ගමන් බලපතක් නම් ඇය ගුවන් තොටින් පිටමං වූයේ කෙසේද? හොර ගමන් ලියවිලි කියන්නේ හොරට මුද්‍රණය කළ ඒවා නොව පාස්පෝට් කන්තෝරුවෙන්ම නිකුත් කළ ඒවාය. උදාහරණයක් ලෙස මහ බැංකුවෙන්ම නිකුත් කළ මුදල් නෝට්ටුවක් ගැන මහ බැංකුවෙන් කීවොත් එවැනි අංක සහිත මුදල් නෝට්ටුවක් ඔවුන් නිකුත් කර නොමැති බව එය හොර නෝට්ටුවක් විය නොහැක. මාකඳුරේ මදූෂ්ගේ ගමන් බලපත්‍රය සාවද්‍ය නම් ඔහු ගුවන් තොටින් පිටවූයේ කෙසේද? පිටවූ දින ආගමන විගමන කවුන්ටරය ඔහුගෙන් ලබාගත් “නැව් නැගීමේ කාඞ්පත” කෝ? එදා ඔහු ගියේ කුමන යානයකින් ද? ඒ යානයේ මගී ලේඛනය කෝ? සාවද්‍ය ගමන් බලපත් කියා මාධ්‍ය හරහා පවසද්දී එය ජනතා බුද්ධිය හාස්‍යයට ලක් කිරීමකි. මදූෂ් රටින් පිටවීමේදී පුරවා ඉදිරිපත් කළ Embarkation පොර්මයද හාඞ් කොපි වශයෙන් දෙපාර්තමේන්තුව තබා නොගන්නවාද? මධුෂ්ගේ පාස්පෝට් එකේ ‘පිටත් විය’ රබර් මුද්‍රා තිබෙනවා නම් ඒ මුද්‍රාව තැබූ නිලධාරියා ඒ අවස්ථාවේ එම පාස්පොට් එක සාවi බව සොයා නොගත්තේ ඇයි? මෙම ප්‍රශ්න රහස් පොලිසියටයි. සෙන්ට්‍රල් ෆිනෑන්ස් ලොක්කා චූලක ගුණවර්ධන බිලියන 3.4 වංචා කොට 2013.09.02 දින මල්ලව ආරච්චිගේ දීප්ති පෙරේරා යන නමින් හොර ගමන් බලපතකින් විදේශ ගත වූයේ කටුනායක ගුවන් තොටින් මිස වෙන කොහෙන්ද? රාජ්‍ය ආරක්ෂාවට මේවා තර්ජන බවට වෙන සාක්ෂි මොනවාටද? පාස්පෝට් සහ හැඳුනුම්පත් සාවද්‍ය ලෙස සැකසීමටත්, ඒ ආශ්‍රයෙන් මුදල් අයථා ලෙස ඉපැයීමටත් පාස්පෝට් සහ හැඳුනුම්පත් කාර්යාල සූක්ෂ්ම ලෙස විද්‍යුත් හා ව්‍යුහාත්මක යටිතල පහසුකම් සකසාගෙන ඇත. හඳුනාගැනීමේ සහතික ඉවත් කිරීම පාස්පෝට් නිකුත් කිරීමට දැනට කලකට පෙර සාමදාන විනිශ්චයකාරවරයකු අත්සන් කළ යුතු විය. ඇත්තටම එය එසේම නොවීය. රජයේ විධායක නිලධාරියෙක්, කොමිෂන් ලත් හමුදා නිලධාරියෙක්, දුම්රිය ස්ථානාධිපති, තැපැල් ස්ථානාධිපති හෝ දොස්තර කෙනෙක් යන අයට හා විවිධ තරාතිරම්වල පිළිගත් අයටද එසේ අත්සන් කිරීමට අවසර තිබුණා. එහෙත් කිසිම අවස්ථාවක රජයේ පරිපාලන ඒකකයේ පළමුවන පුරුක වූ ග්‍රාම නිලධාරියාට පාස්පෝට් ඉල්ලුම්පතක් අත්සන් කිරීමේ බලය දී තිබුණේ නැහැ. පුරවැසියකු හඳුනන කිට්ටුම හා එකම නිල ලත් රාජ්‍ය නිලධාරියා ග්‍රාම සේවා නිලධාරියාය. මේ වටිනා පුරුක දම්වැලට යා කර නොගැනීමත්, තෙවැනි පාර්ශ්වයක සහතික කිරීමකින් තොරව පාස්පෝට් නිකුත් කිරීමත් ආරම්භ කරමින් සාමදාන විනිශ්චයකාරවරයා පමණක් නොව අනෙක් සියලුම අය ඉන් ඉවත් කළේ දැනට වසර 10 කටත් අඩු කාලයකදීය. එකල පාස්පෝට් චිත්‍රයෙන් සාම විනිසුරු ඉවත් කිරීම ගැන ජනතාව ප්‍රීති ඝෝෂා නඟන්නටත්, පුවත්පත් කතු වැකි වලින් පාස්පෝට් කන්තෝරුව වර්ණනා කරන්නටත් විය. පරිපාලන දර්ශනය පාස්පෝට් එකක් ලබාගැනීමට තෙවැනි පාර්ශ්වයක සහතිකය ලබාගැනීමේ දර්ශනය වන්නේ පාස්පෝට් ඉල්ලුම්කරු හඳුනාගැනීමට සහාය ලබාගැනීමයි. ඒ සඳහා සාමදාන විනිසුරු පුරුක ගලවා දමන ගමන් ඒ වෙනුවට වෙනත් ආදේශකයක් හඳුන්වා නොදීමෙන් මේ රාජ්‍ය පරිපාලන දර්ශනය නොසලකා හැරීමේ රහස, කටයුතු සරල කිරීම හෝ කාර්යක්ෂම කිරීම නොව “තනියෙන් කෑමේ” අවශ්‍යතාව සහ හොර පාස්පෝට් නිකුත් කිරීමේ යටිතල පහසුකම් පහසුවෙන් අල්ලා ගත නොහැකි ලෙස සංවිධානය කරගැනීමේ අරමුණයි. ඉස්සර හොර පාස්පෝට් සැකසීමේදී අනිවාර්යයෙන්ම ගාස්තුවෙන් කොටසක් සාම විනිසුරු වෙත යන්නේ හොර වැඬේ ආරම්භක පුරුක ඔහු නිසාය. සාම විනිසුරු ගැන තිබු තක්කඩි ආකල්පය නිසා ඔහුව චිත්‍රයෙන් ඉවත් කරනවාට කවුරුත් පක්ෂ වුවද, ඉන් පසු ඇති වන පරිපාලන දුබලතාව වටහාගැනීමට පාලකයෝ අසමත් වූවාට වඩා ඔවුන්ගේ අයථා ලෙස ඉපැයීමේ දුෂ්ඨ චේතනාව ප්‍රබල විය. ඇඟිලි සළකුණු තෙවැනි පාර්ශ්වීය සහතික කිරීමකින් තොරව පාස්පෝට් නිකුත් කිරීම සාධාරණීකරණය කිරීම සඳහා යොදාගත් ඊළඟ ආවරණය ඇඟිලි සළකුණු ලබාගැනීමයි. ලබාගන්නා ඇඟිලි සළකුණු ගමන් බලපත්‍රයට සම්බන්ධ නොමැති නිසා ගමන් බලපත්‍රය භාවිත කරන බැංකු, හෝටල් හෝ වෙනත් ස්ථානවලදී ගමන් බලපත්‍රය සහ හිමිකරුගේ ඇඟිලි සළකුණු සැසඳීමේ අවස්ථාවක් නැත. ඇඟිලි සළකුණු සසඳා ගමන් බලපත් හිමියා හඳුනාගැනීමට පහසුකම් නොමැති නම් ඒ ඇඟිලි සළකුණු කුමටද? ලංකාවේ පාස්පෝට් එකට ඇඟිලි සළකුණු ලබාගැනීම හුදෙක්ම ඇස් බැන්දුමකි. තෙවන පාර්ශ්වයක හඳුනාගැනීම සහතික කිරීම ඉවත් කිරීමේ වංක චේතනාව ආවරණය කරගැනීමට පාවිච්චි කළ දුෂ්ඨ උපායකි. ඔරිජිනල් ලියවිලි ආපසු දීමේ රහස ඔබ පාස්පෝට් බලපත්‍රය ලබාගැනීම සඳහා ඉදිරිපත් කරන ඉල්ලුම්පත, ඔබේ මුල් ඡායාරූපය, උප්පැන්නයේ ඡායා පිටපත්, හැඳුනුම්පත් පිටපත්, දිවුරුම් ප්‍රකාශ ආදී සියලු ලියවිලි ඔබට අලුතින් නිකුත් කළ ගමන් බලපත්‍රය සමග ආපසු දෙනවා. එම ලියවිලි බහා දෙන කවරයේ “නීතිමය අවශ්‍යතා සඳහා ඔබගේ මෙම ඉල්ලුම් පත්‍රය වසර 10ක කාලයක් සුරැකිව තබාගන්න” යනුවෙන් මුද්‍රණය කර තිබෙනවා. මෙය විශ්මය ජනක රාජ්‍ය පාලන ප්‍රතිපත්තියකි. යම් අයෙක් හොර පාස්පෝට් සාදා ගැනීමට හොර ලියවිලි ඉදිරිපත් කළා නම්, ඔහුට එම ලියවිලි ආපසු දෙනවා නම් ඔහු ඒවා වසර 10 පුරා ආරක්ෂා කර තබා ගන්නවාද? පාස්පෝට් කන්තෝරු බලධාරීන්ගේ මෙම ප්‍රතිපත්තිය පිටුපස සැඟවුණු රහසක් ඇත. නිලධාරීන් විසින් සාදා දෙන හොර පාස්පෝට් වෙනුවෙන් කිසිදු ලේඛනයක් අවශ්‍ය නොවේ. කොළ කැබැල්ලක තමාට අවශ්‍ය නම, තමන්ට අවශ්‍ය උපන් දිනයත් සමග ඉල්ලා සිටින මුදලත් තැරැව්කාරයාට දීමෙන් එක් දිනකදී හොර ගමන් බලපත්‍රයක් ලබාගත හැක. ඒ සඳහා හැඳුනුම් පත් අංකයක් ද අවශ්‍ය නැත. පාස්පෝට් කන්තෝරුව සහ හැඳුනුම්පත් කන්තෝරුව හැඳුම්පත් අංකයක් “නිෂ්පාදනය” කරනු ලැබේ. සැබෑ පාස්පෝට් වෙනුවෙන් ඉදිරිපත් කළ ඔරිජිනල් ලියවිලි ස්කෑන් කර තබාගැනීමෙන් හොර පාස්පෝට් නිකුත් කිරීම පහසු කරගත්තේ සැබෑ ලියවිලි ගබඩාකර තබාගතහොත් ඒවා විනාශ කිරීම කළ නොහැකි නිසාය. ස්කෑන් පිටපත් තිබෙන්නේ දෙපාර්තමේන්තුවේම පරිගණක ඇතුළේ නිසාත් ඒවා වෙනත් අයෙකුට අවශ්‍ය නොවන නිසාත් වැඬේ පහසුය. හාඞ් කොපි ගබඩාකර තබාගතහොත් වැඬේ පහසු නැත. හැඳුනුම්පත් අංකය නිපදවන කලාව පැරණි හැඳුනුම්පත් වල ඇත්තේ ඉලක්කම් 9 කි. පළමු ඉලක්කම් 2න් උපන් වර්ෂයත්, ඊළඟ ඉලක්කම් 3න්, උපන්දින දක්වා වසරේ ගෙවී ගිය දින ගණනත් දැක්වේ. ඉතිරි ඉලක්කම් 4 අනුක්‍රමික අංකයයි. මුල්වරට හැඳුනුම්පත් හඳුන්වා දුන් 1972 වසරේදී එසේ හඳුන්වාදුන් අයට කිසිදු දූෂිත චේතනාවක් තිබුණේ නැත. අවසාන ඉලක්කම් 4 යම් දිනක සිදු වූ උපත් සංඛ්‍යාව ඉක්මවා යා නොහැක. ශතවර්ෂ ගණනක් පුරා ලංකාවේ දිනක සාමාන්‍ය උපත් සංඛව 1000 කි. එය කිසිසේත් 9999 නොඉක්මවන නිසයි 1972 හැඳුනුම්පත් හඳුන්වා දීමේදී අවසාන ඉලක්කම් ටික ඉලක්කම් 4 කට සීමා කළේ. හොර පාස්පෝට් වලට යොදන හැඳුනුම්පත් අංකය වමේ සිට 6 වැනි ඉලක්කම නොහොත් දකුණේ සිට 4 වැනි ඉලක්කමේ වටිනාකම අංක 5 ට වැඩි අගයකින් සකසනවා. 5 ඉලක්කම යෙදුවොත් එදින 5000 ගණනක් උපත් තිබිය යුතුය. එය සිදු නොවන දෙයක් නිසා පාස්පෝට් කන්තෝරුවටත්, හැඳුනුම්පත් කන්තෝරුවටත් අංක ඩුප්ලිකේට් වීමේ අවධානමකින් තොරව වැඬේ කළ හැකිය. පහත දැක්වෙන්නේ මා විසින් රැස්කළ හොර පාස්පෝට් වලට යොදාගත් හැඳුනුම්පත් අංකවල අවසාන ඉලක්කම් හතරේ කාණ්ඩයන්ය: (6977), (5719), (7297), (6080), (6756) මේ කිසිඳු දිනක 7000 ගණනක උපත් සිදුව නැත. එක් දිනකට 7000 ගණනක් හැඳුනුම්පත් ගන්නට ආවත්, සෑම උපන් දිනයකටම අංක වෙනස් වන නිසා හැඳුනුම්පත් බලධාරීන්ට මෙවැනි අංක යෙදුම ගැන නිදහසට කරුණු නැත. මාකඳුරේ මදුෂ්ගේ පාස්පෝට් සඳහා පාවිච්චි කර ඇති ජා.හැ.අංකය 790516478 v ය. ඒ අනුව මගේ සමීකරණයේ නිවැරදි බව තහවුරු වෙයි. සාවi පාස්පෝට් සඳහා අවසාන ඉලක්කම් 4ට 5000ට පහළ අගයන් නොයොදන්නේ ඇතැම් දිනවල ලංකාවේ දෛනික උපත් සංඛ්‍යාව 4000 ඉක්මවන දිනද තිබිය හැකි නිසාය. පාසල් වල ජනවාරි මාසයේ ළමුන් ඇතුළත් කර ගැනීමේ වුවමනාවට දරුවන් නොවැම්බර් දෙසැම්බර් මාසවල උපත ලබා ගැනීමට දෙමව්පියන් කටයුතු කරන බැවින් මෙම කාලවල දෛනික උපත් සංඛ්‍යාව 1000 ඉක්මවිය හැක. පාස්පෝට් කන්තෝරු සහ ජා. හැ. පරිගණක නිලධාරීන්ට මහා පරිමාණ මෙගා දත්ත ඇති බැවින් මාගේ මේ උපකල්පනයට වඩා නිවැරදි තොරතුරු ඔවුන්ට තීක්ෂණ ලෙස නිරීක්ෂණයට අවකාශය ඇත. ඉහත සමීකරණයට හසු නොවන සාවද්‍ය ගමන් බලපත්ද තිබෙනවා. වෙනත් අයකුගේ උප්පැන්නයක, ජා.හැ. පතක් භාවිත කොට නිලධාරීන් නොදැනුවත්ව හෝ දැනුවත්ව සාදන පාස්පෝට් ඉහත සමීකරණයට ව්‍යතිරේකයකි. අපේ හැඳුනුම්පතේ අවසාන ඉලක්කම් 4 අගය රටේ දෛනික උපත් ඉක්මවා යා නොහැක. හැඳුනුම්පතට අංක 12 අවශ්‍යද අලුත් හැඳුනුම්පත් අංකයට ඉලක්කම් 12ක් හඳුන්වාදීමට කිසිදු අවශ්‍යතාවක් නැත. එක් දිනකට 99,999 ක උපත් සිදුවීම ක්‍රි.ව. 5000 වනතුරුවත් සිදුවිය නොහැක. හැඳුනුම්පත් අවසානයට ඉලක්කම් 5ක් යොදා ගැනීමෙන් අංක ඩුප්ලිකේට් නොවී පහසුවෙන්ම හොර හැඳුනුම්පත් වලට අගනා යටිතල පහසුකමක් සකසාගෙන ඇත. අගට ඉලක්කම් 5ක් යොදාගැනීමෙන් දිනකට 99,999 උපත් සිදුවේ යැයි සිතුවාද. හොර පාස්පෝට් කියන්නේ වෙනත් කොහේ හෝ මුද්‍රණාලයක මුද්‍රණය කළ ඒවා නොවෙයි. ලංකාණ්ඩුවෙන්ම සැකසූ, දරන්නාගේ සැබෑ දත්ත වෙනුවට වෙනත් සාවද්‍ය දත්ත ඇතුළත් පාස්පෝට් වලටය. මේවා අල්ලාගත නොහැක්කේ ඒවා අල්ලන්නට CID පාස්පෝට් කන්තෝරුවට ඇතුල්වනවාත් සමගම පාස්පෝට් SQL දත්ත බැංකුවෙන් ඒවා අන්තර්ධාන වනවා පමණක් නොව එවැනි පාස්පෝට් තම කාර්යාලයෙන් නිකුත් කර නොමැති බවට මුදුණේම ඉන්නා ලොක්කා පවසන කතාව CID යට අකමැත්තෙන් වුවද විශ්වාස කරන්නට සිදුවන නිසාය. උපතත් මරණයත් අතර ලේඛන සාවi ලෙස සැකසිය හැකි සමාජයක කිසිවක් විශ්වාස කිරීම අපහසුය. අම්මලාට දුවගේ කසාදයට මිනිහෙකුගේ වයස විශ්වාස කළ නොහැක. බැංකුවක ගිණුමක් ආදායකයාගේ ගිණුමට පමණි. චෙක්පතක්, චුදිතයෙක් රටින් පැනයාම වළකන නියෝගයක්, විශ්වාස කරන්නේ කෙසේද? සමස්ත සිවිල් සමාජ අත්තිවාරම ඉරිතලාගොස් කුණු වූ රාජ්‍යයේ පිළිකාව සමාජයම ගිල ගනිමින් තිබේ. මෙම Forensic විග්‍රහය බොහෝ කලක සිට මා සමාජගත කිරීමට කල්යල් බලා සිටියත්, රටේ ආරක්ෂාවට තර්ජනයක්ව ඇති මේ අවස්ථාවේ එය වඩාත් සුදුසු යැයි මම සිතමි. මෙම ලිපිය පළ වූ වහාම පාස්පෝට් කාර්යාලල SQL ත්ත බැංකුවෙන් හොර පාස්පෝට් අන්තර්ධාන වනු නියතය. මේ ගැන CID ය දැනුවත් කළත් ඉන් යමක් සිදුවූයේ නැත. Border Control මෘදුකාංග සකසන අයට දක්ෂ නොව අතිදක්ෂ විශ්ලේෂණ හැකියා තිබිය යුතුය. මෙය Border Control System Software වල දුර්වලතාවයක් හා දූෂිත නිලධාරීන් තනාගෙන ඇති දූෂිත අධිරාජ්‍යයේ තරම පෙන්වන්නකි. ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍යම කෙතරම් කුණු වී දුඟඳ හමන තත්ත්වයකට පත්ව ඇත්ද යන්නට හැඳුනුම්පත් කාර්යාලයත්, ආගමන විගමන කාර්යාලයත් තවත් උදාහරණ දෙකක් පමණි. ජනාධිපතිගේ අවධානයට. Published By Ravaya Newspaper http://ravaya.lk/?p=175063

නව අදහස දක්වන්න