ඩිජිටල්කරණය රට පුරා | දිනමිණ

ඩිජිටල්කරණය රට පුරා

ගූගල් හී ප්‍රමුඛතම සහතිකලත් ශ්‍රී ලාංකීය හවුල් කරු ෆයින් ටෙක් උපදේශකයෝ 'ඩිජිටල්කරණයේ අනාගතය ' මැයෙන් සමුළුවක් ප්‍රධාන පෙළේ සමාගම් සහ පෞද්ගලික ආයතනයන් හී ප්‍රධාන දත්ත භාර නිලධාරීන් හා එක්ව මරීනෝ බීච් හෝටලයේ දී පැවැත්විණි. Cloud Partners & Alliance, Asia Pacific & Japan for Google හී ප්‍රධානී ඈෂ් විල්ස් මහත්මාගෙ පැමිණීමෙන් මෙම සමුළුව තවත් අර්ථවත් විය.

පිළිගැනීමේ කතාව ඉදිරිපත් කළ ෆයින් ටෙක් හී සම - නිර්මාතෘ සහ අධ්‍යක්ෂක ධූරය දරන ක්ලේෂන් පුල්ලේ මහතා ප්‍රාකාශ කර සිටියේ 'ගූගල් සමඟින් ඉහළින් වැජඹෙන ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ප්‍රමුඛ සමාගම්වල ඉහළින් සිටින කළමනාකාරීත්වයට අයත් පුද්ගලයන් මේ සම්බන්ධව දැනුවත් කිරීමට ආදහස් කරන බවයි . මෙම ඩිජිටල් පරිවර්ථනය ලංකාව පුරා ව්‍යාප්ත කිරීමට මෙවන් සමුළු කිහිපයකම අවශ්‍යතාව ඇති අතර ඉදිරියේ දී ඒ පිළිබඳ කටයුතු සම්පාදනය කෙරෙයි.

මාතෘකාව වශයෙන් යෙදුනු 'Cloud යුගයක ඩිජිටල් පරිවර්ථනය සහ Google හී නවෝත්පාදනය' සම්බන්ධයෙන් කරුණු දැක්වීමේ දී විල්ස් මහතා ප්‍රායෝගික උදාහරණ දක්වමින් පෙන්වා සිටියේ බහු විධ සමාගමක සිට සුළු ව්‍යාපාරයක් දක්වා Google හරහා ප්‍රථිලාභ ලබා ගන්නා අයුරුය. එමෙන්ම ඔහු නැවතත් අවධාරණය කර සිටියේ Google වෙතින් වෙනස්වීමට භාජනය වනුයේ ව්‍යාපාර පමණක්ම නොව මිනිස් ජීවිත ද එයට අයත් බවයි .

තවදුරටත් කරුණු දැක්වූ ඔහු පැවසුවේ ඩිජිටල්කරණයෙන් මානසික තත්ත්වය වෙනස්වීම, එලෙස වෙනස්වීමෙන් ව්‍යාපාරයේ වෙනස් කම් සහ ඩිජිටල්කරණයෙන් එලෙස පරිවර්ථනයකට ඇති පහසුව පැහැදිලි කර සිටියේය. Google හී එකායන අරමුණ දත්ත මිනිසුන් වෙත සම්ප්‍රේෂණය කිරීමත් ඉන් ඔවුන්ගේ ජීවිත සුවදායී කිරීමත් බවද හෙතෙම කීය.

ඉන්දියානු අර්ධද්වීපයේ Google Cloud Partnership & Alliances හී ප්‍රධානී හර්ෂාල් පෙන්ද්සෙ මහතා අදහස් දක්වමින් කීවේ ගූගල් ක්ලවුඩ් සමඟ මීළඟට යන්න කථනයට නැගීමයි. Server සහ Fiber - Optic ජාලයේ විශාල ජාලයක් ගොඩනැගීමට, සංවිධානය කිරීමට සහ ක්‍රියාත්මක කිරීමට Google හී හැකියාව ඔහු දිගහැර පෑවේය. තවද ලොව පුරා ඇති සුරක්ෂිතම සහ කාර්යක්ෂමතාව වැඩි ෆයිබර් ඔප්ටික් කේබල්වල බව ඔහු තව දුරටත් ප්‍රකාශ කර සිටියේය. ආරක්ෂක හේතූන් මත Cloud හී දත්ත ගබඩා කිරීමේ සැකයක් මිනිසුන්ට තිබූ අතර අද වන විට එම මතයෙන් මිදීමට මිනිසුන් පෙළඹ වී ඇත.

මෙහිදී ක්ලේෂාන් මහතා Google Meeting , Spreadsheets, and Voice-to-text යන දෑ ක්‍රියාකරවන ආකාරය විදහා දැක්වීය.මෙය දැනට ගූගල් Cloud භාවිත කරන්නන් වෙනුවෙන් කළ සාකච්ඡාවකි. එහිදී මණ්ඩලය පැහැදිලි කළේ සිය ව්‍යාපාර සම්බන්ධයෙන් ගූගල් Cloud සහාය වූ අයුරුයි.

මෙවැනිම තවත් සැසිවාරයන් පවත්වමින් ඉදිරි මාසවල දී ආයතන වල තීරණ ගැනීමේ ප්‍රධානීන් දැනුවත් කිරීමට අපේක්ෂා කෙරේ.

 

නව අදහස දක්වන්න