සූරියවැවටත් හෙළ බොජුන් හලක් | දිනමිණ

සූරියවැවටත් හෙළ බොජුන් හලක්

ලුණම සමූහ සනත් ගමගේ

සිංහල ක්‍රමයට කෑම බිම ලබා ගැනීමට සූරියවැවටත් හෙළ බොජුන් හලක් ආරම්භ කිරීමට සූරියවැව ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇති බව සූරියවැව ප්‍රාදේශීය සභාවේ සභාපති ජේ. එරන්ද ජනක මහතා කියයි.

සූරියවැව වෙනිවැල් ආර තුරු සෙවණ අසළ පොදු භූමියේ මෙම හෙළ බොජුන් හළ ඉඳිකිරීමට සැලසුම් කර තිබෙන බව සභාපති වරයා කීය.

කතරගම, යාල, බූන්දල, උණුදිය පොකුණු, සෆාරී උද්යාිනය, කුරුළු උයන වියළි කලාපීය උද්භිත උද්යාලනය ඇතුළු ‍‍ඓතිහාසික වටිනාකම් ඇති ස්ථාන නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරක‍ෙන් විශාල පිරිසක් සූරියවැව නගරය පසුකරමින් ගමන් ගන්නා හෙයින් සූරියවැව ගොවිජනපදවල නිෂ්පාදනය කරන දේශීය ආහාර වර්ග හා පාන වර්ග සකස් කර එම අයට සහන ලෙස මිල දී ගැනීමට කටයුතු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවද සභාපති වරයා සඳහන් කළේය.

සූරියවැව ප්‍ර දේශයේ තිබෙන කාන්තා සංවිධාන ඒක රාශීකර ගනිමින් ඔවුන්ට ද ස්වං රැකියා අවස්ථා උදා කරමින් මෙම හෙළ බොජුන්හලේ සිය නිෂ්පාදන අලවි කිරීමට හැකි වන සේ මෙම ව්‍යාපෘතිය සකස් කරන අතර, සූරියවැව ප්‍රා දේශිය සභාව මගින් සභා අරමුදල් යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් ලක්ෂ 20ක් පමණ වෙන්කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා සඳහන් කළේය. මෙම ව්‍යාපෘතිය මගින් සභාවට මාසිකව අතිරේඛ ආදායමක් ලෙස රුපියල් 20,000ක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද සභාපති ජනක මහතා කීය.

 

නව අදහස දක්වන්න