කලහ කළ 09ක් 29 දක්වා රිමාන්ඩ් | දිනමිණ

කලහ කළ 09ක් 29 දක්වා රිමාන්ඩ්

මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ ඇති වූ කලහකාරි සිද්ධියට එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගත් පුද්ගලයින් 09 දෙනෙකු මේ මස 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කර තිබේ.

ඒ මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයකට අනුවයි.

මේ අතර මිනුවන්ගොඩ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන තවත් පුද්ගලයින් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සදහන් කලේය.

මෙලෙස කලහකාරි ලෙස හැසිරුණු සියලූදෙනා ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරෙනු ඇති.

මොවුන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ හදිසි අවස්ථා රෙගුලාසි යටතේ සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුති පනතේ ප්‍රතිපාදන වලට අනුවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට ඇප ලබා ගත හැක්කේ යම් දිනෙක මහාධිකරණයකට ඇප අයදුම්පතක් ඉදිරිපත් කිරීමෙන් පමණකි.


නව අදහස දක්වන්න