ගම්පහට සහ වයඹට ඇඳිරි නීතිය | දිනමිණ

ගම්පහට සහ වයඹට ඇඳිරි නීතිය

වයඹ පළාතට සහ ගම්පාහ පොලිස් කොට්ඨාසය අද(15) රාත්‍රී 07.00 සිට හෙට (16) උදෑසන 04.00 දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදී පොලිස් ඇඳිරි නීතිය පනවා තිබේ.
 
 ගම්පහ පොලිස් බලප්‍රදේශයට අයත් ගම්පහා, මිනුවන්ගොඩ, දොම්පේ, ගණේමුල්ල, කිරිඳිවැල, මල්වතුහිරිපිටිය, මීරිගම, නිට්ටඹුව, පූගොඩ, වේයන්ගොඩ, වීරගුල, වැලිවේරිය, පල්ලේවෙල, සහ යක්කල යන පොලිස් වසම්වලට මෙම කාලය අදාල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. 
 
එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවලට අද ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොවන බවද දැනුම් දී ඇත.
 
 
 
 

නව අදහස දක්වන්න