සහරාන්ගේ D.N.A වාර්තාව අධිකරණයට | දිනමිණ

සහරාන්ගේ D.N.A වාර්තාව අධිකරණයට

ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ නායකයා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ ඩී.එන්.ඒ. වාර්තාව ලබාගැනීම සඳහා ඔහුගේ බිරිඳගේ සහ දියණියගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලැබී තිබේ.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය සිකුරාදා එම රුධිර සාම්පල ලැබී ඇති අතර, ඩී.එන්.ඒ. වාර්තාව හෙට හෝ අනිද්දා සකස් කර අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

එම නියෝගය අනුවයි දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින සහරාන්ගේ බිරිඳ සහ දියණියගේ රුධිර සාම්පල රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කරනු ලැබුවේ.

 

 

නව අදහස දක්වන්න