බෙයාස්ටෝගේ ප්‍රහාරය හමුවේ ඉමාම්ගේ ශතකය අපතේ යයි | දිනමිණ

බෙයාස්ටෝගේ ප්‍රහාරය හමුවේ ඉමාම්ගේ ශතකය අපතේ යයි

සංචාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තෙවැනි එක්දින තරගයෙන් කඩුලු 6ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත ක්‍රීඩකයෝ සමත්වූහ.

මේ ජය සමගින් තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2-0කින් පෙරමුණ ගැනීමට සත්කාරයක්යන්ට හැකිවිය.

බ්‍රිස්ටල් හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 358ක් රැස්කළ අතර එම ඉලක්කය හඹාගිය එංගලන්තය පන්දු 31ක් ඉතිරිව තිබියදී ජය හිමිකර ගත්තේ කඩුලු 4ක් පමණක් දැවී තිබියදීය.

ලකුණු 359ක දැවැන්ත ඉලක්කය හඹායෑම ඇරැඹු එංගලන්තයට සාර්ථක ආරම්භයක් ලබා දීමට ජොනි බෙයාර්ස්ටෝ සමත්වූයේ සිය 7 වැනි එක්දින ශතකය රැස් කරමිනි.

ජේසන් රෝයි සමග එක්ව පළමු කඩුල්ලට පන්දු 105කින් ලකුණු 159ක් එක්කළ බෙයාර්ස්ටෝ, ජෝ රූට් (43) සමගින් දෙවැනි කඩුල්ලට ලකුණු 75ක් එක් කළේය. ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවී ගියේ ලකුණු 128ක් ලබා සිටියදීය. පන්දු 93කට මුහුණදුන් බෙයාර්ස්ටෝ හතරේ පහර 15කින් සහ හයේ පහර 5කින් ඉනිම වර්ණවත් කර ගත්තේය. හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමගින් පන්දු 55කින් ලකුණු 76ක් රැස් කිරීමට රෝයි සමත් විය.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ඉනිමේ නැංගුරම බවට පත්වූ ඉමාම් උල් හක් ලකුණු 151ක් රැස් කිරීමට සමත් විය. 6 වැනි එක්දින ශතකය වාර්තා කළ ඉමාම්ගේ තරග දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසද මෙය සටහන් විය. ආසිෆ් අලී සමගින් 5 වැනි කඩුල්ලට ලකුණු 125ක් එක්කරමින් ඉනිමේ හොඳම සබඳතාව ගොඩනැගූ ඉමාම් ඉන් පෙර හැරිස් සොහෙල් සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 68ක සහ නායක සර්ෆ්‍රාස් අහමඩ් (27) සමගින් තෙවැනි කඩුල්ලට ලකුණු 67ක සබඳතා ගොඩනැගීය. අලී පන්දු 43කදී හතරේ පහර 2ක් සහ හයේ ප හර 3ක් සමගින් ලකුණු 52ක් රැස්කළ අතර සොහෙල් ලකුණු 41ක් ඉනිමට එක් කළේය.

හතරේ පහර 16කින් සහ හයේ පහරකින් ඉනිම වර්ණවත් කරගත් ඉමාම් වැයකර තිබුණේ පන්දු 131ක් පමණි.

නව අදහස දක්වන්න