ලංකාපුර ඇඟලුම් සේවිකාව ඝාතනය කර පුලුස්සලා | දිනමිණ


 

ලංකාපුර ඇඟලුම් සේවිකාව ඝාතනය කර පුලුස්සලා

ලංකාපුර සමූහ එච්. එල්. ද සොයිසා

සේවය නිම කොට නිවසට යමින් සිටි ඇඟලුම් සේවිකාවක ඇය සේවය කළ කම්හලේ ම සේවකයකු විසින් අතරමඟ දී පැහැරගෙන ගොස් ඝාතන කොට පුලුස්සා ඇතැයි ලංකාපුර පුලස්තිපුර පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පොලොන්නරුව, ලංකාපුර 30 P 316 තල්පොත අංක 3 නිවසේ පදිංචිව සිටි අයේෂා කෞෂල්‍යා මධුමාලි නමැති 22 හැවිරිදි අවිවාහක තරුණියකි.

උසස් පෙළ සමත් ඇය පොලොන්නරුව කරුප්පු හන්දිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවය කරන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය ද හදාරමින් සිට ඇත. පුලස්තිපුර පොලිසිය මවගෙන් පියාගෙන් හා ඥාතීන්ගෙන් ලබාගත් තොරතුරු ඔස්සේ දිගින් දිගටම කළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස සැකකරුවකු අත්අඩංගුවට ‍ගත් බව පුලස්තිපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.පී.පී. පතිරණ මහතා පැවසීය. අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලොන්නරුව සේවාගම ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙකි.

නව අදහස දක්වන්න