මේජර් බුලත්වත්ත සක්‍රීය සේවයට ගන්න එපා | දිනමිණ

මේජර් බුලත්වත්ත සක්‍රීය සේවයට ගන්න එපා

යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පසුගිය සෙනසුරාදා පැවති රූපවාහිනි සාකච්ජාවකට එක්වෙමින් පැවසු පරිදි 2008 වසරේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු ලෙස චෝදනා ලබා සිටින සහ 2009 වසරේ සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු කළ නීති විරෝධී හමුදා කණ්ඩායමට නායකත්වය දුන් මේජර් ප්‍රහාත් බුලත්වත්ත නැවතත් සක්‍රිය සේවයේ පිහිටුවීම පිළිබඳ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීම සම්බන්ධයෙන් 2017 වසරේදී අත්අඩංගුවට පත්ව ඇප මත සිටින  මේජර් බුලත්වත්ත නැවතත් හමුදා බුද්ධි අංශය තුළ සක්‍රිය සේවයේ පිහිටුවීම තුළින් මේ වන විටත් සිදු කෙරෙමින් පවතින මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ඉලක්ක කර සිදු කරන ලද අපරාධ පිළිබඳ විමර්ශන කටයුතු සඳහා බලපෑම් සහ බාධා එල්ල විය හැකි බව තම විශ්වාසය බවත් එමෙන්ම මෙම විමර්ශන සඳහා සාක්ෂි දුන් හා දැක්වූ නිලධාරීන් හා පුද්ගලයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ජීවිතාරක්ෂාව පිළිබඳ ද මෙවන් පත්කිරීම් හරහා සැක සංකා මතුවන බවත් එබැවින් මෙම වරද නිවැරදි කිරීමට ජනාධිපතිවරයා සහ රජය ක්‍රියාකරනු ඇතැයි තම සංගමය බලාපොරොත්තු වන බවත් කියා සිටියි.

නව අදහස දක්වන්න