රණවිරු සැමරුම ජනපති අගමැති සහභාගීත්වයෙන් 19දා | දිනමිණ

රණවිරු සැමරුම ජනපති අගමැති සහභාගීත්වයෙන් 19දා

විජයානි එදිරිසිංහ

වසර තිහකට වැඩි කාලයක් මෙරට පැවැති ත්‍රස්තවාදය තුරන් කර වසර දහයක් ගතවිම නිමිති කොට ගෙන එම යුද්ධයේදි දිවිපිදු සහ ආබාධිත තත්ත්වයට පත්වු සහ ඒ වෙනුවෙන් කැප වු අභිත රණවිරුවන් සිහිපත් කොට සිදු කරන රණවිරු උත්සවය ලබන 19 වැනිදා පස්වරු තුනට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහත්වරු සහ රජයේ මැති ඇමැතිවරුද අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ සියලු නිලධාරින් ත්‍රිවිධ හමුදාපතිවරු ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානින්ද ත්‍රිවිධ හමුදාවේ මිය ගිය සහ ආබාධිත වු රණවිරුවන්ගේ ඥාතින් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් දියවන්නා රණවිරු ස්මාරකය අබියසදි සිදු කෙරේ. ජාතික රණවිරු සේවා අධිකාරිය මගින් මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.

මිය ගිය රණවිරුවන් විසි අටදහසකගේ පමණ ඥාතින් සංකේතවත් කරමින් එම ඥාති පවුල් විසි පහක් පමණ මෙම අවස්ථාවට සහභාගි වි රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර පිදිම සිදු කරනු ලබයි. මෙම උත්සවයට සමගාමිව දිවයිනේ පළාත් නවයකම රණවිරු සිහිපත් කිරිමේ උත්සව මේ වන විටත් සිදු වෙමින් පවතින අතර එහිදි රණවිරුවන්ගේ ඥතින් ගෙන්වා එම උත්සව උත්සවාකාරයෙන් සිදු කරනු ලබයි.

මෙම ප්‍රධාන රණවිරු උත්සවය පැවැත්විම සහ රණවිරුවන් වෙනුවෙන් රණවිරු අධිකාරිය මගින් සිදුකරනු ලබන සේවාවන් සම්බන්ධයෙන් මාධ්‍යයට කරුණු පැහැදිලි කිරිම සදහා මාධ්‍ය සාකච්ජාවක් එම අධිකාරයේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ලියනගේ මහතා ඇතුළු එම අධිකාරියේ නියෝජ්‍ය සභාපතිවරයා අධ්‍යක්ෂකවරුන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (15දා) පැවැත්විණි.

නව අදහස දක්වන්න