සිරකරුවන් 762ක් ජනාධිපති පොදු සමාව | දිනමිණ


 

සිරකරුවන් 762ක් ජනාධිපති පොදු සමාව

(බුද්ධිකා ඉඹුලාන)
 
මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් සිරකරුවන් 762ක් ජනාධිපති පොදු සමාව යටතේ නිදහස ලබයි.
 
මෙම සිරකරුවන් නිදහස් කිරීමේ උත්සවය වෙසක් පෝදා(18) වැලිකඩ බන්ධනාගාරයේදී ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
 
මෙයින් සිරකරුවන් 34 දෙනකු එදින බලපත්‍ර මතද නිදහස ලබයි.මෙයින් 26 දෙනකු කාන්තාවන්ය.
 
වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 117 ක්ද ,අනුරාධපුර බන්ධනාගාරයෙන් සිරකරුවන් 50 ක්ද පල්ලන්සේන තරුණ විශෝධන මධ්‍යස්ථානයෙක් සිරකරුවන්53ක්ද,කළුතර බන්ධනාගාරයෙන් සිරකරුවන් 45ක්ද,මහර බන්ධනාගාරයෙන් සිරකරුවන් 55ක්ද පල්ලෙකැලේ බන්ධනාගාරයෙන් සිරකරුවන් 62ක්ද වශයෙන් බන්ධනාගාර රැසකදී මෙම සිරකරුවන් නිදහස ලබයි.
 
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල,අධික්ෂණ මන්ත්‍රි විජයපාල හෙට්ටිආරච්චි මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය.
 
සුළු වැරදිවලට සිරගත වූ,දඩමුදල් ගෙවා ගත නොහැකි,වයස අවුරුදු 70 ඉක්මවූ සිරකරුවන් මෙසේ නිදහස ලැබීමට සුදුසුකම් ලබයි.
 
ස්ත්‍රී දූෂණ ,මත්ද්‍රව්‍ය චෝදනා ,ළමා අපචාර,මංකොල්ලකෑම් ඇතුළු බරපතල ගණයේ වැරැදි සම්බන්ධව වරදකරුවන්වී සිරගත වූවන්ට මෙම ජනාධිපති පොදු සමාව හිමිනොවේ.

නව අදහස දක්වන්න