ෆැෂන් බග් වෙතින් ත්‍රී රෝද රථ රිය­දු­රන් අග­යයි | දිනමිණ

ෆැෂන් බග් වෙතින් ත්‍රී රෝද රථ රිය­දු­රන් අග­යයි

දිවයිනේ ප්‍රමුඛතම නිමි ඇඳුම් සන්නාමයක් වන ෆැෂන් බග් දිවයිනේ ප්‍රභල අවශ්‍යතාවයක් වන, සමාජයේ අවධානය යොමු විය යුතු හා දැනුවත් විය යුතු එහෙත්, නොයෙක් හේතු කාරණා නිසා නොසැලකීමට ලක්වූ නොයෙකුත් අංශ දියුණු කිරීමේ වැඩසටහනක් මේ වන විට දියත් කර ඇත. මෙහි එක් අදියරක් ලෙස ශ්‍රි ලංකාවේ ප්‍රථම වතාවට ත්‍රී රෝද රථ රියදුරන්ගේ ආකල්ප වැඩි දියුණු කිරීමේ හා පෞරුෂ සංවර්ධන වැඩසටහනක් “ෆැෂන් බග් ත්‍රී වීල් අභිෂේකය” නමින් පසු ගිය දිනක ආරම්භ විය.

මහනුවර පැවති මෙම අවස්ථාවට ත්‍රී රෝද රථ රියදුරන් 3000ක් පමණ ලියාපදිංචි වූ අතර මේ අතරින් අවසන් අදියර සඳහා ත්‍රී රෝද රථ රියදුරන් 500ක් තෝරා ගෙන තිබිණ. මෙහි අවසන් වටයේදී ජයග්‍රාකයින් තිදෙනා හට රුපියල් 100000 , 75000 සහ 50000 වශයෙන් මුදල් ත්‍යාග ලබා දුනි.

මෙම වසරේ පැවැත්වෙන වැඩසටහන, මාර්තු 17 වන දින පෙ.ව. 09.30 සිට ප.ව. 12.30 දක්වා, නො 619, පේරාදෙණිය පාර, නුවර “හින්දු සංස්කෘතික මධ්‍යස්තානයේ” පැවත්විණි. මෙහිදී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ප්‍රවාහන හා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා , මහනුවර නියොජ්‍ය පොලිස්පති ඪී ආර් එල් රණවීර මහතා , මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධානී සඳරාජ මහතා, සමස්ථ ලංකා ත්‍රී රෝද රියදුරන්ගේ සංගමයේ සභාපති සුදීල් ජයරුක් මහතා හා මහනුවර ප්‍රධාන පොලිස් පරීක්ෂක ඔවිඳසිරි මහත සහභාගි වූහ.

නව අදහස දක්වන්න