එමිරේට්ස් සමූහයට ඉහළ ලාබයක් | දිනමිණ

එමිරේට්ස් සමූහයට ඉහළ ලාබයක්

එමිරේට්ස් සමූහය විසින් පිට පිටම 31 වන වසර සඳහාත් සිය ලාභ සහ ශක්තිමත් ව්‍යාපාරික පුළුල් කිරීම පිළිබඳව නිවේදනය කර ඇත.

2019 මාර්තු 31 වනදායින් අවසන් වන මූල්‍ය වසර තුළදී එමිරේට්ස් සමූහය ඩිරාම් බිලියන 2.3 ක (ඇමරිකානු ඩොලර් මිලියන 631 ක ලාභයක් වාර්තා කර තිබෙන අතර මෙය එයට පෙර වසරට සාපේක්‍ෂව 44% කින් අඩුවීමකි. මෙහිදී, සමූහයේ ආදායම ඩිරාම් බිලියන 109.3 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 29.8 ක් වී තිබෙන අතර එය පෙර වසරට වඩා 7% ක වර්ධනයකි. මෙම මූල්‍ය වසර තුළදී සමූහයේ මූල්‍ය ශේෂය ඩිරාම් බිලියන 22.2 ක් (ඇමරිකානු ඩොලර් බිලියන 6.0 ක් වී තිබෙන අතර මෙය පෙර වසරට වඩා 13% ක අඩුවීමකි. මේ සඳහා ප‍්‍රධාන වශයෙන්ම බලපා තිබෙන්නේ ව්‍යාපාරය සඳහා සිදුකළ විශාල ආයෝජනයන් සහ පෙර වසර වෙනුවෙන් ලාභාංශ ලෙස ඩිරාම් බිලියන 02 ක් (ඇමරිකානු ඩොලර් මිලියන 545 ක් ගෙවීමයි.

සමූහයේ සමස්ත ලාභය සලකා ඩිරාම් මිලියන 500 ක (ඇමරිකානු ඩොලර් මිලියන 136 ක ලාභාංශයක් සමූහය විසින් 2018-19 වසර සඳහා ඩුබායි ඉන්වෙස්ට්මන්ට් කෝපරේෂන් වෙත ප‍්‍රකාශයට පත්කර තිබේ.

මෙම ගිණුම් වාර්තා පිළිබඳව අදහස් දක්වමින් එමිරේට්ස් සමූහයේ සහ එමිරේට්ස් ගුවන් සේවයේ සභාපති හා ප‍්‍රධාන විධායක නිලධාරී ෂික් අහමඩ් බින් සයීඩ් අල් මක්ටුම් මහතා මෙසේ පැවසීය. ‘2018-19 ඉතාමත් දුෂ්කර වසරක්. අපි බලාපොරොත්තු වූ පරිදි මේ වසරේදී ප‍්‍රතිඵල ලැබුණේ නෑ. තෙල් මිල ඉහළ යාම, ඇමරිකානු ඩොලරය ශක්තිමත්වීම වගේම අපේ ප‍්‍රධාන වෙළඳපොළවල තරඟය වැඩිවීම මෙයට හේතුවුණා. ඒ වගේම, පෙර වසරේදී ගුවන් භාණ්ඩවල තිබූ වර්ධනය මේ වසරේදී යළිත් අඩුවුණා. විශේෂයෙන්ම අපේ කළාපයේ තිබුණේ දුර්වල ගමන් ඉල්ලූමක්. මේ නිසා, මෙය dnata සහ එමිරේට්ස් සමාගම් දෙකටම බලපෑවා.’

නව අදහස දක්වන්න