ගුවන් යාන­යක් නිවෙස ක­ර­ගත් ඉංජි­නේ­රුවා | දිනමිණ

ගුවන් යාන­යක් නිවෙස ක­ර­ගත් ඉංජි­නේ­රුවා

තමාගේ සිතැඟි පරිදි නි‍ෙවසක් සාදා ගැනීම හෝ මිලයට ගැනීම අපි සියලු දෙනාම පාහේ ජීවිතයේ එක් අවධියකදී දකින සිහිනයක්.‍ ඒත් මේ සිහින ඒ ආකාරයෙන්ම සැබෑ කර ගැනීමට සියල්ලන්ටම නොහැකි වන්නේ ඒ සඳහා විශාල මුදලක් වැය වන නිසායි.

මෙය ලෝකයේ දියුණු රටවල සුලබව දකින්නට ලැබෙන්නේ ඒ රටවල නිවාස සාමාන්‍යයෙන් මිලෙන් අධික නිසායි. එහෙත් සමහර ධනවත් පුද්ගල­‍යන් ඉතා විශාල මුදලක් වියදම් කරමින් සාමාන්‍ය නිවාස ආකෘතියෙන් බැහැර වූ සුවිශේෂී නිවාස ඉදිකිරීමද මෙම රටවල සුලබව දකින්නට ලැබේ.

නිස්කලංක වනාන්තරයක් තුළ ගුවන් යානයකට වී ජීවත් වීමට තමාට තිබූ සිහිනය සැබෑවක් කර ගත් ඇමෙරිකානු ජාතික බෘස් කැම්බල්ගේ කතාව මෙවර රසඳුන ‘අතැඹුල‘ විශේෂාංගයෙන් ඔබ වෙත ගෙන එනවා. ඇමෙරිකාවේ ඔරිගොන්හි හිල්ස්බරෝ ප්‍රදේශයේ වනාන්තරයක් තුළ තිබෙනා මේ ගුවන් යානා නි‍ෙවස දුටු විට එය ගුවන් යානයක් කඩා වැටුණු ස්ථානයක් කියා ඔබ රැවටෙන්නට පවා පුළුවන. නමුත් මෙය කොතරම් සුඛෝපභෝගී ලෙසින් නිමවා තිබෙනවාද කියා පෙනී යන්නේ මේ ගුවන් යානය තුළට ගමන් කරන විටයි.

මේ වනවිට 64 වියෙහි පසුවන බෘෘස් කැම්බල් ඉතා තරුණ අවදියේදී හිල්ස්බරෝ ප්‍රදේශයේ වනාන්තර ප්‍රදේශයකින් අක්කර 10ක් මිලට ගෙන තිබෙන්නේ තමන්ගේ නිවාස සිහිනය සිතෙහි තබාගෙනයි. එවකට විසි හැවිරිදි වියෙහි පසුවූ බෘස් පරණ භාණ්ඩවලින් අලුත් භාණ්ඩ සෑදීමට ප්‍රිය කළ අතර තමන්ගේම දෑතින් නි‍ෙවසක් නිර්මාණය කිරීමට අදිටන් කරගත්තා.

ඉන් වසර 20කට පමණ පසුව 1999 වර්ෂයේදී ග්‍රීසියේ ඇතැන්ස් ගුවන්තොටුපළ කේන්ද්‍රකොටගත් ඔලිම්පික් ගුවන් සමාගමට අයත් බෝයිං 727 වර්ගයේ ගුවන් යානයක් ඇමෙරිකානු ඩොලර් 100,000ට බෘස් විසින් මිලදී ගන්නවා. ඇතන්ස් හි සිට ඔරිගන් ප්‍රාන්තයට මෙය රැගෙනවිත් නිම කිරීමට තවත් ඩොලර් 120,000ක් පමණ මොහුට වැයවී තිබෙනවා. ඉන්පසුව වසර ගණනක් එම ස්ථානයේ තාවකාලිකව සකසා ගත් ස්ථානයක සිට බෘස් විසින් කෙමෙන් කෙමෙන් ගුවන් යානය තමාගේ නි‍ෙවස බවට පරිවර්තනය කරගෙන තිබෙනවා.

මෙම ගුවන් යානයේ විදුලි බුබුළු පද්ධතිය වැනි සමහරක් උපාංග තවමත් හොඳින් ක්‍රියා කරන අතර බෘස් විසින් ගුවන් යානයේ බොහෝ කොටස් ඉවත් නොකර තම නි‍ෙවස සාදාගෙන තිබෙන්නේ ගුවන් යානයක් තුළ සිටිනවා යන හැඟීම එලෙසින්ම ලැබෙන ලෙසයි.

මේ නි‍ෙවසේ පොළොව සම්පූර්ණයෙන්ම වීදුරු වලින් සාදා තිබෙන නිසා ගුවන් යානයට ඇතුළුවන සෑම අමුත්තකු වෙතම සෙරෙප්පු යුගළක් බෘස් විසින් ලබාදෙන්නේ සාමාන්‍ය නි‍ෙවසකට වඩා විශාල මේ නි‍ෙවස නිතර පිරිසිදු කිරීමට ඔහුට අපහසු නිසායි. ගුවන් යානයේ තිබෙනා වැසිකිළි ඒ අයුරින්ම අදටත් මොහු භාවිතා කරන අතර මෙහි නියමු කුටිය බෘස් විසින් පොත්පත් කියවීම සඳහා භාවිතා කරනු ලබයි.

ඉන්ජිනේරුවකු වන බෘස් මේ නි‍ෙවසට සලකන්නේ තමාගේ සෙල්ලම් භාණ්ඩයක් මෙනි. සෑම විටම මෙහි අලුත්වැඩියාවක් කිරීමට හෝ අලුතින් යමක් එක් කිරීමට උත්සාහ කිරීම මොහුගේ විනෝදාංශය වී තිබෙනවා.

සෑම වසරකම මාස 6ක් මේ ගුවන් යානා නිවස තුළ ගත කරන බෘස් ඉතිරිමාස 6 ගත කිරීම සඳහා ජපානය වෙත ගමන් කරයි. මොහුගේ දැන් අරමුණ වී තිබෙන්නේ එම මාස 6 ගත කිරීමට ජපානයේද මෙවැනි ගුවන් යානා නි‍ෙවසක් සෑදීමයි.ඒහෙත් මෙවර ඔහු වඩාත් විශාල බෝයිං 747 වර්ගයේ ගුවන් යානයක් යොදා ගැනීමට අදහස් කරන බව ඔහු පවසයි.

මේ තරම් වටිනා ඉංජිනේරු ශිල්පයේ නිර්මාණයක් වන ගුවන් යානා කල් ඉකුත් වූ පසු විනාශ කර දැමීම ඉතා විශාල අපරාධයක් බව බෘස් පවසන අතර ඔහු වැඩි දුරටත් පවසන්නේ සාමාන්‍ය නි‍ෙවසකට වඩා තමන්ගේ ගුවන් යානා නි‍ෙවස මාලිගයක් මෙන් ඔහුට දැනෙන බවයි. 

අදහස් 1ක් ඇත

mata karattha kabalak hoyagena , lee dadu walin, ge kallak hadaganna hakinam !! gaha kola athare!!!!

නව අදහස දක්වන්න