බලපත් නැතිව රෝද තුනෙන් මත්පැන් ඇදලා | දිනමිණ

බලපත් නැතිව රෝද තුනෙන් මත්පැන් ඇදලා

බලපත්‍රයක් නොමැතිව මත්පැන් බෝතල් 19ක් ත්‍රීවීල් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී එක් සැකකරුවෙක් මස්කෙළිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මස්කෙළිය පොලිස් වසමට අයත්, සාමිමලේ සිට ස්කාබ්‍රෝ කොටස බලා මේ මත්පැන් තොගය ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසියට ලද තෙරතුරක් මත වැටලීම සිදු කළ බව මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්තනායක මහතා පැවැසීය. මත්පැන් සමඟ සැකකරු හා ත්‍රීවීල් රථය හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණවීමට නියමිතව තිබුණි. මස්කෙළිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටිරෝන් රත්නායක මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල්වරුන් වන අපොන්සු (81032), රාමනාදන් (89032) හා නිත්‍යරාජ් (36605) යන නිලධාරීහූ මේ වැටලීමට සහභාගී වූහ.

මස්කෙළිය සමූහ ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක


නව අදහස දක්වන්න