කළු ගඟේ ගල් පරයක මළ සිරුරක් මොරවක පොල්ගස්විලට නව පාලමක් | දිනමිණ

කළු ගඟේ ගල් පරයක මළ සිරුරක් මොරවක පොල්ගස්විලට නව පාලමක්

 අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍ර‍ධානී, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාගේ ඉල්ලීමකට අනුව පොල්ගස්විල නව පාලම ඉදිකර ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 292ක් වැයකර ති‍ෙබ්. නව පාලම ජනතා අයිතියට පත් කිරිම ඇමැති සුරතින් සිදු කෙරිණි.

ඡායාරූපය-තෙලිජ්ජවිල සමූහ

හොරණ , නාරගල පාලම අසල කළු ගඟ‍ේ ගල්පරයක රැඳී තිබී අබිරහස් ලෙස මිය ගිය පුද්ගලයකුගේ සිරුරක් පසුගිය 16 දා උදෑසන සොයා ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

සුදු පාට අත් නැති බැනියමක් සහ යට ඇදුමක් පමණක් ඇද සිටි හැඩි දැඩි සිරුරක් හිමි මියගිය පුද්ගලයා අවු 50 ක් පමණ වයසේ පසුවෙන අයකු බව පොලීසිය පවසයි .

පාලම අසලින් ගගට බැසීමට ඇති මාර්ගයේ මිය ගිය අයගේ යැයි සිතිය හැකි පාපැදියක් පාලමට හේත්තු කර තිබී ඇති අතර එහි හැඩලයේ බුලත්විටක් ද තිබී ඇත . ගඟට බසින ස්ථානයේ හිස් කළ මත්පැන් බෝතලයක් ද රබර් පාවහන් යුගළක්ද තිබූ බව පොලිසිය පවසයි . මේ පුද්ගලයාගේ අනන්‍යතාව හෝ මරණයට හේතුව මෙතෙක් තහවුරු වී නොමැත.

 හල්තොට සමූහ විනිතා මානෙල් ගමගේ

 


නව අදහස දක්වන්න