කුල දරු‍වෝ සිවු දෙනෙක් පැවිදි බිමට... | දිනමිණ


 

කුල දරු‍වෝ සිවු දෙනෙක් පැවිදි බිමට...

හිගුරාණ උත්තර ජයමහා විහාරස්ථානයේ වාර්ෂිකව සිදුකරනු ලබන කුල දරුවන් සසුන් ගත කිරීම මෙවරත් වෙසක් සතිය ආරම්භයත් සමඟ (15)දින හිගුරාණ උත්තරජයමහා විහාරස්ථානයේ ධර්ම ශාලාවේදී සිදු කළහ. හිඟුරාණ උත්තර ජයමහා විහාරාධිපති සිරි ධම්මරතන මහා පිරිවෙනේ කෘත්‍යාධිකාරී හිඟුරාණේ සිරි ධම්ම හිමියන්ගේ ආචාර්යයත්වයෙන් මෙම කුල දරුවන් සිවු දෙනා සසුන්ගත කිරීම සිදු කෙරිණි. මුවංගල රාජ මහා විහාරාධිපති මහියංගනය බිම් තැන්න දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක ඇලෑවෙල මහින්ද හිමිපාණෝ ධර්ම දේශනයක් පැවැත්වූහ. මෙම අවස්ථාවට දිගාමඞුල්ල මෛත්‍රී භික්ෂූ සංසදයේ සභාපති පොලොන්මාරුවේ සුමනරතන හිමියන් හා කුළ දරුවන්ගේ ඥාතීහු. විහාරස්ථ දායක කාරකාදී පිරිසක් සහභාගි වූහ.

ඡායා - දමන සමුහ කේ. ඒ. මෛත්‍රීපාල

නව අදහස දක්වන්න