පෝර උරයක මිනිස් ඇටකටු | දිනමිණ

පෝර උරයක මිනිස් ඇටකටු

මාදම්පේ මරම්බැට්ටේ ප්‍රදේශයේ කළපුව අසල තිබී පෝර උරයක දමා තිබු මිනිස් ඇට කටු තොගයක් ( 15 දා ) සොයා ගත් බව මාදම්පේ පොලිසිය කියයි.

කිසියම් සැකකටයුතු පෝර උරයක් කළපුව අසල කුණු ගොඩක ඇති බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් පරික්ෂා කර බැලු විට මෙම පෝර උරය හමුවු බවත් පොලිසිය කියයි.

පසුව උරය විවෘත කර පරික්ෂා කළ අවස්ථාවේ දි ඒ තුළ තිබි මිනිස් හිස් කබලක් සහ මිනිස් ඇට කටු කිහිපයක් හමුවු බවත් පොලිසිය කියයි.

මෙම ඇට කටු සහිත පෝර උරය කිසිවකු විසින් මෙම ස්ථානයට ගෙනැවිත් දැමු බව විශ්වාස කරන අතර මේ දිනවල නිරන්තරයෙන්ම සිදු කෙරෙන විවිධ සෝදිසි කිරිම් වලට බියෙන් කිසිවකුගේ නිවසක තබා ගෙන තිබු මෙම ඇට කටු රහසේම මරම්බැට්ට කළපුව අසලට ගෙනැවිත් දමන්නට ඇති බවත් වෛද්‍ය සිසුවෙකු සිය අධ්‍යයන කටයුතු පිණිස භාවිත කිරීමට මෙම මිනිස් ඇට කටු යොදා ගන්න ඇති බවට සැකයක් ඇති බවත් පොලිසිය කියයි.

මුන්නේශ්වරම සමුහ ඊ.සී.ප්‍රනාන්දු.


නව අදහස දක්වන්න