නොදිරන ලන්ච් ෂීට්ලක්ෂ අටක්අත්අඩංගුවට | දිනමිණ

නොදිරන ලන්ච් ෂීට්ලක්ෂ අටක්අත්අඩංගුවට

කුරුණෑගල නගරය සහ ඒ අවට පිහිටි වෙළෙඳසල්වලට බෙදාහරිමින් තිබූ බව කියන ප්‍රමිතියෙන් තොර ආහාර ඇසුරුම් කොළ ( ලන්ච් ෂීට්) ලක්ෂ 8 ක් සමඟ ඒවා බෙදාහැරීමේ යෙදී සිටි පුද්ගලයකු පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් 15 දා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිතින් නිෂ්පාදනය කිරීම සඳහා පාරිභෝගික අධිකාරිය විසින් නියම කර ඇති ප්‍රමීතින් කඩවන අයුරින් නිෂ්පාදනය කර ඇති මෙම ආහාර ඇසුරුම් කොළ පරිසරයට එකතුවීමෙන් පසුව දිරාපත් නොවන බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. ව්‍යාපාරිකයන් පිරිසකගෙන් ලැබුණු තොරතුරකට අනුව , කුරුණෑගල නගරයේ වෙළෙදසල්වලට අදාළ ආහාර ඇසුරුම් කොළ තොගය බෙදාහරිමින් සිටි සැකකරු සහ ඒ සඳහා යොදාගත් ලොරි රථයක්ද පාරිභෝගික අධිකාරියේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුට අද (17 දා) අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් බැඳුම්කරයක් මත මුදාහැරි බව පාරිභෝගික සේවා අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය කියයි.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් ගාමිණී ඉලංගරත්න මහතාගේ උපදෙස් මත, පාරිභෝගික සේවා අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඒ.ගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකෙරිණි.

 

කුරුණෑගල අතිරේක

බණ්ඩාර රත්නායක.

 


නව අදහස දක්වන්න