කේරළ ගංජා සමඟ දෙදෙනෙක් දැලේ | දිනමිණ

කේරළ ගංජා සමඟ දෙදෙනෙක් දැලේ

මුලතිව් මුහුදු කලාපයේදී මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයට නුදුරින් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 78.3ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් 15 දා අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් මාමුනේ, චැම්පියන්පත්තු ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුරදි මෙම කේරළ ගංජා තොගය සමඟ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම කේරළ ගංජා තොගය ඩිංගි යාත්‍රාවක් මඟින් මුහුදු මාර්ග ඔස්සේ ලංකාවට රැගෙන ඒමට උත්සහ කර ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, කේරළ ගංජා තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට කටයුතු කරන ලදි.

නාවික හමුදාව සාගර කලාපයේ ආරක්ෂාව වෙනුවෙන් සිදුකරනු ලබන මුර සංචාර වැඩිකිරීම් සහ නිරන්තර සෝදිසි කිරීම් හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකිවූ අතර, ඉදිරියේදී ද මෙවැනි නීති විරෝධි කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව දිවයින වටා සාගර කලාපයේ නිරන්තර මෙහෙයුම් සිදුකරනු ලබයි.

 

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

 

නව අදහස දක්වන්න