ආබාධිත-මියගිය රණවිරුවන්ට දිගටම වැටුප | දිනමිණ


 

ආබාධිත-මියගිය රණවිරුවන්ට දිගටම වැටුප

විජයානි එදිරිසිංහ

රට වෙනුවෙන් දිවි කැපකර ආබාධිත වූ සහ මිය ගිය ත්‍රිවිධ හමුදා රණවිරුවන් වෙනුවෙන් රජය ලබා දීමට පොරොන්දු වූ විශ්‍රාම යාමෙන් පසුවත් නොනවත්වා වැටුප ලබා දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙයින් රණවිරුවන් පනස්දහසකට පමණ තවත් මාසයක් වැනි සුළු කාලයකින් එම වරප්‍රසාදය හිමිවීමට නියමිතව තිබේ. ජාතික රණවිරුසේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ලියනගේ මහතා පවසා සිටියේ රණවිරුවන් කළ මෙම ඉල්ලීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අනුමැතිය ලබා දී ඇති බවයි. ඒ සඳහා වූ කැබිනට් අනුමැතිය ද හිමිව තිබේ. ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඔවුන් විශ්‍රාම යන තෙක් හිමිව තිබුණේ ආබාධිත දිමනාව සහ වැටුපයි. මිය ගිය රණවිරුවන් වෙනුවෙන් ඔවුන්ගේ වැටුප ලබා ගන්නා ඥාතින්ට ද එම දිමනා හිමි විය. පසුව ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම යාමෙන් පසු හිමි නොවන ආබාධිත දිමනාවත් වැටුපත් විශ්‍රාම වැටුපට එකතු කරලබා දෙන ලෙසට ඉල්ලීම් ඉදිරිපත් කෙරිණි. මිය ගිය රණවිරුවන්ගේ ඥාතීන් ද එම ඉල්ලීම කර තිබුණි. එම ඉල්ලීම කිරීමට ඔවුන් හේතු වශයෙන් ඉදිරිපත් කර තිබුණේ විශ්‍රාම යාමෙන් පසු ඔවුන්ට ජීවත්වීමට තරම් විශ්‍රාම වැටුප ප්‍රමාණවත් නොවන බවයි. මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඔවුන්ගේ එම ඉල්ලීම ඉෂ්ඨකර දීමට තීරණය කර කැබිනට් මණ්ඩලයට යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු එය පසුගිය දා සම්මත විය.

යුද්ධය නිම වී වසර දහයක් සපිරෙන මෙම වසරේ දී මෙම වරප්‍රසාදය ලබාදීම ඔවුන් වෙනුවෙන් කළ සුවිශේෂි කෘතගුණ සැළකිමකි.

නව අදහස දක්වන්න