වෙසක් සැමරුම් රැසකට අගමැතිගේ සහභාගිත්වය | දිනමිණ

වෙසක් සැමරුම් රැසකට අගමැතිගේ සහභාගිත්වය

දෙදහස් පන්සිය හැටතුන්වැනි ජාතික වෙසක් සමරුමට සමගාමීව පැවැත්වෙන රාජ්‍ය වෙසක් උත්සවය ඇතුළු වෙසක් සැමරුම් රැසකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (17) දින සිට සහභාගිවීමට නියමිතය.

රාජ්‍ය වෙසක් උත්සවය අද දින (17) ගාල්ල තෙල්වත්ත පුරාණ තොටගමු රන්පත් රජමහා විහාරයේදී ආරම්භ කෙරෙන අතර එම උත්සවයට සහභාගි වන අගමැතිවරයා අද සවස කොළොන්නාව වෙසක් සැමරුමට හා හෙට (18) මරදාන ඩීන්ස් පාරේ පැවැත්වෙන වෙසක් දන්සලකට හා කොල්ලුපිටිය වාලුකාරාමයේ පිරිත් පිංකමට සහභාගිවීමට නියමිතය.

ඉරුදින (19) අරලියගහ මන්දිරයේ පැවැත්වෙන බෝධිපූජා පිංකමකට සහභාගිවීමට නියමිතය.


නව අදහස දක්වන්න