අන්ත්‍රවාදීන් පිළිපදින්නේ ඉස්ලාම් ධර්මය නොවේ | දිනමිණ

අන්ත්‍රවාදීන් පිළිපදින්නේ ඉස්ලාම් ධර්මය නොවේ

ත්‍රස්ත්‍රවාදී අන්ත්‍රවාදීන් පිළිපදින ධර්මය ඉස්ලාම් ධර්මය නොවන බව මධ්‍යස්ථ මතධාරී මුස්ලිම් ජනතාව දෙන ප්‍රධාන පණිවිඩය බව මහා ඇමැති කබීර් හසිම් මහතා පැවසීය.

මුස්ලිමි ප්‍රජාවගේ සහභාගීත්වයෙන් පදනම් ආයතනයේ (16) ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍ය කබීර් හසිම් මහතා වැඩි දුරටත් මේසේ ද කීය.

අප්‍රිෙයෙල් 21 දා සිදු වූ බෝම්බ පිපිරීම මුස්ලිම් ජනතාවට ලොකු වේදනාවක් බව ක්‍රිස්තියානි ජනතාවට පමණක් නොව සමස්ත ජනතාවටම අපේ දුක කනගාටුව ප්‍රකාශ කරනවා. හැම ජාතියකම අන්ත්‍රවාදීන් ජාතිවාදීන් ත්‍රස්තවාදීන් ඉන්නවා. අපි පසු ගිය දින කීපයේ මුහුණු පොතේ, සමාජ මාධ්‍යයේ විශේෂයෙන් ජාතිවාදය පතුරන ජාතිවාදි හැඟීම් අවුස්සන විශාල පිරිසක් සමිබන්ධවී සිටිනු දැක්කා. ඇවිස්සීම් මත රටේ ලොකු කලබලයක් ඇති කිරීමට බොහෝ පිරිසක් උත්සාහ කළා. ඒ සුළුතරය කුරුණැගල ගම්පහ දිස්ත්‍රිකයේ කලබල ඇති කළාට බහුතර සිංහල ජනතාව ඒ ක්‍රියාව ප්‍රතික්ෂේප කළා.

පළමුව අපි ශ්‍රී ලාංකිකයෝයි. මගේ ආසනයේ බුදුපිළිම ගණනකට හානි කළා. භික්ෂුන්වහන්සේලා සමඟ පොලීසිය සම්බන්ධ වී ඔවුන් අත් අඩංගුවට ගත්තා. බුද්ධි අංශ සමඟ මගේ ලේකම් සම්බන්ධ වුණා. එක දවසක රාත්‍රියක ඔහු බිරිය හා දරුවා සමඟ නිවසේ නිදා ගෙන ඉන්න විට ඔළුවට වේඩි තිබිබා. අද ඔහු ජිවිතය සමඟ සටන් කරනවා. ඒ තර්ජන මගේ ලේකම්ට වගේ අද මට තියෙන්න පුළුවන්.

හිටපු ඇමැති ඉම්තියාස් බාකිර් මහතා -මේ ප්‍රහාර හෙළා දකිනවා. ලංකාවේ දේශපාලන බල අරගලයක් තියෙනවා. අපට මේහෙම යන්න පුළුවන්ද ලංකාවේ පමණක් නෙවයි ලේකය පුරාම මේ වනි දේවල් තියෙනවා

පේරියල් අෂ්රොප් මහත්මිය- අපි මේ අවස්ථාවේ කාදිනල් තුමාට ස්තුති කරනවා. මේ වගේ ත්‍රස්තවාදී ක්‍රියා කරන අය අප අතර ඉන්නවා කියා අපි හිතලවත් තිබුණේ නෑ.

අරුණ ඩයස්


නව අදහස දක්වන්න