"සම්බුදු වන්දනා" මෙවරත් අරගලිය ගහ මන්දිරයේ දී | දිනමිණ


 

"සම්බුදු වන්දනා" මෙවරත් අරගලිය ගහ මන්දිරයේ දී

(ක්‍රිසන්ති විතාරණ) 
 
සම්බුදු තෙමඟුල සමරන උතුම් වෙසක් උත්සවය වෙනුවෙන්  වාර්ෂිකව පැවැත්වෙන "සම්බුදු වන්දනා" වෙසක් උත්සවය මෙවරත් මැයි 19 වැනිදා පස්වරු 5.00 ට අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වේ. 
 
අරලිය ගහ මන්දිර පරිශ්‍රයේ පිහිටි බෝධීන් වහන්සේ අබියස දී ත්‍රෛ නිකායික මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුලු ස්වාමීන් වහන්සේලා සිය නමක ගේ ප්‍රධානත්වයෙන් මෙහිදී බෝධි පූජා පිංකමක් පවත්වා රටට, ජාතියට සෙත් ප්‍රාර්ථනා කිරීමට නියමිතය.
 
තිස් අවුරුදු යුද්ධය අවසන් කර රටට සාමය උදා කිරීමේ දස වැනි සංවත්සරය සැමරීමත් රට දැය වෙනුවෙන් දිවි පිදූ රණ විරුවන්ට පින් අනුමෝදන් කිරීමත්, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දිවි අහිමි වූ සහෝදර ජනතාවට පින් පැමිණවීම සහ තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සෙත් පැතීමත් සම්බුදු වන්දනා පිංකමේ දී සිදු කෙරේ. මේ අවස්ථාව සඳහා  සහභාගි වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැදැහැවතුන්ට ආරාධනා කර සිටී.
 
මේ සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා අරලිය ගහ මන්දිරයේ දී  අද(17) මාධ්‍ය හමුවක් පැවැත්විණි. එහිදී අදහස් දැක් වූ එක්සත් ජාතික භික්ෂු පෙරමුණේ සභාපති අඹන්වල ඥානාලෝක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ සම්බුදු තෙමගුල සිහි කරමින් දිවයිනේ සෑම විහාරස්ථානයකම සුපුරුදු පරිදි දාන ශීල භාවනා වැඩසටහන් ඇතුලු ආගමික වතාවත් මෙවරත් සිදු කරන ලෙස ඉල්ලා සිටින බවයි. මේ අවස්ථාව සඳහා  සහභාගි වන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සැදැහැවතුන්ට ආරාධනා කර සිටින බව ද සුදුවතින් සැරසී එදිනට පැමිණ මෙම මහා පිංකමට සහභාගි වන ලෙසද උන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.
 

 

නව අදහස දක්වන්න