හෙරොයින් ජවාරම්කරුවන් බන්ධනාගාර ගත කෙරේ | දිනමිණ

හෙරොයින් ජවාරම්කරුවන් බන්ධනාගාර ගත කෙරේ

ශ්‍රී ලංකාවේ දී අත්අඩංගුවට ගත් විශාලතම හෙරෝයින් තොගය වන රුපියල් මිලියන 2945 ක් වටිනා හෙරොයින් කිලෝ 294.490ක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා තවදුරටත් ලබන 31 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද 17 නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණේ මොහොමඩ් හමීඩ්, මොහොමඩ් ඉක්බාල් යන සැකකරුවන් දෙදෙනා වේ. සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් වරයා මේ නියෝගය සිදු කර ඇත.

මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට එවීම සම්බන්ධයෙන් ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙකු ලෙස සැලකෙන කොස්ගොඩ සුජි , බංග්ලාදේශ ජාතික ඇන්ටන් මයිකල් මොරිස්,ෂේක් අහමඩ් හුසේන් මොහොමඩ් සිරාස්,මකීම් අබ්දුල් රහීම් යන 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලීසියට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විවෘත වරෙන්තු නිකුත් කර ඇත.

සැකකරුවන් ඉල්ලා ඇති සිසිටීවී දර්ශන අධිකරණයට ලැබි ඇති බවත් එම දර්ශන ඇතුළත් සිඩි තැටි 5ක් ලැබී ඇති බවත් මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්හ.සිද්ධියට අදළව ලබන 31 වනදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත්‍රාත්වරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාජශයට නියෝග කළේය.

(සුභාෂණි සේනානායක)

නව අදහස දක්වන්න