FZ සහ FZ - S version 3’0 යතුරුපැදි වෙළෙඳපොළට | දිනමිණ

FZ සහ FZ - S version 3’0 යතුරුපැදි වෙළෙඳපොළට

ශ්‍රී ලාංකීය රථවාහන ක්ෂේත්‍රයේ මඟ පෙන්වන්නා එසේත් නැතිනම් පෙරගමන්කරු වන ඇසෝසියේටඞ් මෝටර්වේස් පුද්ගලික සමාගම තම යතුරුපැදි ඛාණ්ඩයේ නවතම මාදිලි ද්විත්වය වන Yamaha FZ සහ FZ - S version 3'0 ශ්‍රී ලාංකික වෙළෙඳ පොළට පසුගිය දා හඳුන්වා දෙනු ලැබීය. බොරැල්ලේ පිහිටි YAMAHA ප්‍රධාන ප්‍රදර්ශනාගාරයේ දී පැවැති මේ හඳුන්වා දීමේ අවස්ථාවට යතුරුපැදි අලෙවිකරුවන්, යතුරුපැදිවලට ආදරය කරන්නන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ. එහි දී මේ නවතම මාදිලිවල විශේෂාංගයන් දෑසින්ම දැක බලා ගැනීමට මෙන්ම එහි අත්දැකීම් ලැබීමට ද ඔවුන්ට අවස්ථාව ලැබීම විශේෂත්වයක් විය.

ශ්‍රී ලංකාව තුළ ධාවනය වන අනෙකුත් 150 CC කාණ්ඩයේ යතුරු පැදි හා සංසන්දනය කිරීමේ දී Yamaha FZ මාදිලිය අංක එක මාදිලිය බව යමහා නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ්රාන් සියාවුඩීන් මහතා යතුරුපැදිය හඳුන්වාදීමේ උත්සවය අමතමින් පැවැසීය.

මේ නවතම Yamaha FZ සහ FZ - S version 3'0 මාදිලිවල වැදගත්ම විශේෂාංගය ලෙස ABS (Anti - Lock Braking System) තිරිංග පද්ධතිය හඳුන්වා දෙන්න පුළුවන්. එය ඉතාමත් ආරක්ෂාකාරී ගමනක් ඔබට ලබා දෙන අතර, හදිසි තිරිංග තද කිරීමේදී පසෙකට ඇදීයාම සහ රෝද පාලනයෙන් තොරව ධාවනය කිරීම වළක්වනු ලබනවා. එමෙන්ම FI තාක්ෂණය හේතුවෙන් ඉතා අඩු ඉන්ධන පාරිභෝජනයකින් උපරිම එන්ජින් කාර්යක්ෂමතාවක් 12'8 N-M (1.3KG F-M) සහ 13.2 PS @ 8000 rpm බලයක් ලබා දෙන අතර, 150 CC කාණ්ඩයේ අඩුම බර සහිත යතුරුපැදිය මෙය බව ප්‍රකාශ කරන්න පුළුවන්’ යනුවෙන් සහ්රාන් මහතා වැඩි දුරටත් පැවැසීය.

 


නව අදහස දක්වන්න