උතුරු කොරියාවට වසර 40කින් පසු විශාලම නියඟය ඇවිත් | දිනමිණ

උතුරු කොරියාවට වසර 40කින් පසු විශාලම නියඟය ඇවිත්

වසර 37කින් තම රටට පැමිණි දරුණුම නියඟයට තමන් දැන් මුහුණ දෙන බැවින් නියඟයට එරෙහිව සටන් කිරීමට සැරසෙන ලෙස උතුරු කොරියාව තම ජනතාවට පවසයි. මේ අතර රටේ කෝටියකට අධික පිරිසකට කඩිනමින් ආහාර සහනාධාර අවශ්‍යව ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි. මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති එක්සත් ජාතීන්ගේ වාර්තාව පවසන්නේ උතුරු කොරියානු වැසියකුට දිවි රැක ගැනීමට දිනකට හිමිවන්නේ ග්‍රෑම් 300කට සීමා වූ ආහාර ප්‍රමාණයක් පමණක් බවයි. මේ අතර බීබීසි වෙත අදහස් පළ කර ඇති නෝර්ත් කොරියා නිව්ස්හි ඔලිවර් හොතම් පෙන්වා දෙන්නේ උතුරු කොරියාවේ තොරතුරුවල විනිවිදභාවය අවම නිසා මෙහි සැබෑ තත්ත්වය ගැන නිශ්චිතව තොරතුරු ප්‍රකාශ කිරීම අපහසු බවයි.

නව අදහස දක්වන්න