ආසියානු මලල ක්‍රීඩා කාන්තා කමිටුවට අයිරාංගනී රූපසිංහ | දිනමිණ

ආසියානු මලල ක්‍රීඩා කාන්තා කමිටුවට අයිරාංගනී රූපසිංහ

බෙලිහුල්ඔය සමූහ සමන්තා කංකානම්ගේ

ආසියානු මලල ක්‍රීඩා කවුන්සිලයේ කාන්තා කමිටුවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අයිරාංගනී රූපසිංහ මහත්මිය තේරී පත්ව ඇත. රටවල් 45ක නියෝජනයෙන් යුත් මේ ආසියානු මලල ක්‍රීඩා සම්මේලනය කමිටු 6කින් සමන්විත අතර ඉන් කාන්තා කමිටුව නියෝජනය කිරීමට මේ පත්වීම සිදුකර ඇත. 2019 සිට 2023 දක්වා මේ පත්වීම් සිදුකර ඇති අතර අයාරාංගනී රූපසිංහ මහත්මිය රත්නපුර ප්‍රදේශයෙන් 80 දශකයේ බිහිවූ ජාතික මට්ටමේ කෙටිදුර ධාවන ක්‍රීඩිකාවකි.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වැඩ බලන ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඇය 1985 වසරේ බංගලිදේශයේ ඩකාහි පැවැති දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගනිමින් ශ්‍රී ලංකාව නියෝජනය කළ මීටර් 100 සහ මීටර් 400 සහාය කණ්ඩායම්වල සාමාජිකාවක් වුවාය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලනයේ ද වසර ගණනක් උපසභාපති ධුරයේ කටයුතු කළ ඇය පසුගිය වසර කීපයක්ක සිටම ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා සංගමයේ මලල ක්‍රීඩා අනුකමිටුවේ සභාපතිධුරය උසුලයි. පසුගියදා දෝහා කටාර් හි පැවති කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා නිලධාරීනිය ලෙස මෙන්ම වැඩබලන කළමනාකාරිණිය ලෙසද ඇය කටයුතු කළාය.


නව අදහස දක්වන්න