ගම්මන්පිලට දිනය මාරු වෙලා | දිනමිණ


 

ගම්මන්පිලට දිනය මාරු වෙලා

විජයානි එදිරිසිංහ

ඇමැති රිෂාඩ් බදියුදීන්ට එරෙහිව මන්ත්‍රීවරුන් හැට ගණනකගේ අත්සන් යොදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විශ්වාසභංගයේ 2019 මැයි මස දිනයක් වෙනුවට එහි දිනය වශයෙන් යොදා තිබී ඇත්තේ 2018 මැයි මස දිනයක් බව වාර්තා වෙයි.

මේ විශ්වාසභංග යෝජනාව සකස් කර ඇත්තේ පිවිතුරු හෙළ උරුමයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල මහතා විසින් බව ද වාර්තා වෙයි.

මේ වැරැදි දිනයත් සමඟ එම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙතට එය ලැබුණ අවස්ථාවේ මහලේකම්වරයා එය පරීක්ෂා කිරීමේ දී වැරැදි දිනයක් සඳහන්ව ඇති බව දැක යළිත් එය නිවැරැදි කර දෙන ලෙසට දැනුම් දී එම විශ්වාසභංගය ආපසු දී ඇත. අනතුරුව එය යළි සකස් කර නිවැරැදි වර්ෂය සඳහන් කර දීමෙන් පසු මහ ලේකම්වරයා විසින් යළි බාර ගෙන ඇති බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අදහස් 1ක් ඇත

Muuta Dinaweradila Beruna ethi, "Mase maru nowee".

නව අදහස දක්වන්න