ශ්‍රී ලංකාව- නිකර්ගුවා අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා දෙරටේම එකඟතාව | දිනමිණ

ශ්‍රී ලංකාව- නිකර්ගුවා අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා දෙරටේම එකඟතාව

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව සහ නිකර්ගුවා රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට දෙරටේ රජයන් තීරණය කරයි.

මේ සම්බන්ධයෙන් වන ගිවිසුමට අස්සන්කර තිබෙන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති ආචාර්ය රොහාන් පෙරේරා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් හි නිකරගුවා නිත්‍ය නියෝජිත හා තානාපති ජයිම් හර්මිඩා කැස්ටිලෝ මහත්වරු අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර දී ඊට අස්සන් කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ මස 15 දා සිට ක්‍රියාත්මක වන පදිරි ශ්‍රී ලංකාව සහ නිකරගුවා රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත වන අතර මේ අවස්ථාව දෙරටටම අතිශයින්ම වැදගත් වන බවද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාව සහ නිකරගුවා රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීම දෙරටේ මිත්‍රත්වය, ද්වීපාර්ශවික සබඳතා, දේශපාලනික, සමාජ, ආර්ථික සහ සංස්කෘතික අංශයන්හි වර්ධනයට විශාල වශයෙන් දායක වන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

 


නව අදහස දක්වන්න