ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත පළමු එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා | දිනමිණ

ශ්‍රී ලංකා - ස්කොට්ලන්ත පළමු එක්දින තරඟයට වර්ෂාවෙන් බාධා

ශ්‍රී ලංකාව සහ ස්කොට්ලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරඟයේ ආරම්භයට සහ කාසියේ වාසිය සඳහා වර්ශාවෙන් බාධා පැමිණ තිබේ.
 
දෙරට අතර එක්දින තරඟයක් පැවැත්වෙන්නේ වසර 4 කට පසුවයි.
 
තවද ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිමුත් කරුණාරත්න නායකත්වය දරන පළමු එක්දින තරඟය මෙයයි.
 
ලෝක කුසලාන එක්දින තරඟාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම ස්කොට්ලන්තය සමග තරග 3ක් සඳහා සහභාගී වීමට නියමිතයි.
 
අද ආරම්භ වීමට තිබෙන තරඟයට පෙර අවසන් එක්දින තරඟ 8ම ශ්‍රී ලංකාව විසින් පරාජය වී තිබෙනවා.
 
 

නව අදහස දක්වන්න