වෙල්ලමුල්ලිවයික්කාල්හිදී මියගිය දෙමළ වැසියන් සැමරේ | දිනමිණ

වෙල්ලමුල්ලිවයික්කාල්හිදී මියගිය දෙමළ වැසියන් සැමරේ

ත්‍රස්තවාදී අරගල නිමවී වසර දහයක් සපිරෙන අද දින වන්නි අවසන් මහා සටනේ එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් මිනිස් පළිහක් භාවිතා කරමින් සැඟව සිටි වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී අද (18) සැමරුම් උත්සවයක් පැවැත්වුණි.

ඒ යුද්ධයෙන් මියගිය දෙමළ වැසියන් සිහිපත් කරමිනි.

මියගිය දෙමළ වැසියන් සිහිපත් කරමින් වෙල්ලමුල්ලිවයික්කාල් වෙරළ තීරයේදී මෙම අනුස්මරණ උත්සවය පැවැත්වුණි.

මෙම උත්සවය සංවිධානය කර තිබුණේ දෙමළ ජාතික සන්ධාන හිතවතුන් සහ යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් වන අතර මෙම අවස්ථාවට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබුණි. 

 

නව අදහස දක්වන්න