රත්නපුරදී අතුරුදහන්ව සිටි දරුවා හම්බන්තොටින් සොයා ගැනේ | දිනමිණ

රත්නපුරදී අතුරුදහන්ව සිටි දරුවා හම්බන්තොටින් සොයා ගැනේ

මීට දින දෙකක පෙර අතුරුදහන්ව සිටි රත්නපුර, කහවත්ත වැල්අදුර ප්‍රදේශයේ වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු හම්බන්තොට මූලස්ථාන පොලීසිය විසින් ඊයේ(19) සොයාගෙන තිබේ.
 
මෙම දරුවා ඉකුත් 17 වෙනිදා සවස සිට අතුරුදහන්ව ඇති බවට කහවත්ත කොටියතැන්න පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලක් අනුව පරීක්‍ෂණ ආරම්භ කර තිබුනි. 
 
මෙම දරුවාගේ මව රැකියාව සඳහා විදේශගතව සිටින අතර පියා කලවාන ප්‍රදේශයේ රැකියාවක නිරත වන බැවින් මෙම දරුවා සහ ඔහුගේ සහෝදරියත් සහෝදරයාත් රැකබලාගන්නේ ඔවුන්ගේ මිත්තණිය සහ මාමා විසින් බව සදහන්ය.
 
මෙම දරුවා පසුගිය 17වනදා නිවසින් පිටව බසකය නැගී ඇඹිලිපිටිය ප්‍රදේශයට පැමිණ ඇති අතර එදින දරුවා ඇඹිලිපිටිය බස් නැවතුම්පොලේ නැවතී සිට තිබේ. පසුව 18වනදා උදෑසන බසයක නැග කොළඹ යෑම සදහා බව කියමින් පිටත්ව ඇත. අදාළ බස්රථයේ කොන්දොස්තරවරයාට සැක සිතී මෙම දරුවා හම්බන්තොට මූලස්ථාන පොලිසිය වෙත භාර දීමෙන් අනතුරුව පොලිසිය මගින් දරුවාගේ පියා දැනුවත් කර ඔහුව පොලිසියට ගෙන්වා අද(19) දරුවා භාර දී ඇත.
 
මෙම දරුවන්ගේ විදෙස් ගත මව දරුවන් ගැන සොයා නොබලන බව පියා පොලිසියේ දී සදහන් කර තිබේ.
 
ගෙදරින් පිටවීමට හේතු විමසූ විට දරුවා පවසා ඇත්තේ සිය පියා නිවසේ නොමැති අවස්ථාවලදී තම මාමා තමන්හට දැඩි සේ  පහර දෙන බවත් එය ඉවසාගත නොහැකිව නිවසින් පලා ආ බවත් ය.

නව අදහස දක්වන්න