යුද අවදානමක් නැහැ - ඉරාන විදේශ ඇමති | දිනමිණ

යුද අවදානමක් නැහැ - ඉරාන විදේශ ඇමති

මැදපෙරදිග ගල්ෆ් කලාපයේ නුදුරේදී යුද්ධයක් හටගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව ඉරාන විදේශ අමාත්‍ය මොහොමඩ් ජාවඩ් සරිෆ් පවසයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ටද යුද්ධයක් අවශ්‍ය නොවන බවයි චීනයේ සංචාරයකින් අනතුරුව අදහස් දැක්වූ ඔහු පවසා ඇත්තේ.

එහෙත් ඔහු වටා සිටින පුද්ගලයන් ඇමරිකාව, ඉරානයට එරෙහිව ශක්තිමත් කරන බව පවසමින් යුද්ධයකට පොළඹවන බව ඉරාන විදේශ ඇමතිවරයා පවසා ඇති බව ද සදහන්.

ඇමරිකාව පසුගියදා ගල්ෆ් කලාපයට යුද නැව් සහ ප්‍රහාරක යානා යැවූ අතර, ඒ නිසා හෝම්ස් සමුද්‍රසන්ධිය මුවදොර සිටින ඉරානය සහ ඇමරිකාව අතර දැන් පවතින්නේ දැඩි උණුසුම් වාතාවරණයක්.


නව අදහස දක්වන්න