බන්ධනාගාර රැඳවි ලක්මිණ ඉන්දික ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටුවෙයි | දිනමිණ

බන්ධනාගාර රැඳවි ලක්මිණ ඉන්දික ජනපතිගෙන් කළ ඉල්ලීම ඉටුවෙයි

බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා මේ වන විට කැලණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර 2005 වසරේ ශ්‍රී ලංකා බොක්සින් ශූරයකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටි.

වෙසෙක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව ලබාදීමේ අවස්ථාවට එක්වීම වෙනුවෙන් බන්ධනාගාර පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිතුමා හමු වූ ඒ මහතා ඉල්ලා සිටියේ තම උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය සම්පාදනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසත් ඉදිරි බොක්සින් ශුරතා තරඟයට ඉදිරිපත්වීමට අවස්ථාව සළසා දෙන ලෙසත්ය.

එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඔහුගේ නිබන්ධනය සම්පූර්ණකර ගැනීමට අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදෙන බව ප්‍රකාශ කළ අතර, අදාළ තරඟයට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු කර දෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරිය වෙත උපදෙස් දුන්නේය.

ඡායාරූපය : උදේශ් ගුණරත්න -
ජනාධිපති මාධ්‍ය අංශය 

නව අදහස දක්වන්න