බියකින් තොරව දරුවන් පාසල් වෙත යොමුකරන්න | දිනමිණ

බියකින් තොරව දරුවන් පාසල් වෙත යොමුකරන්න

අනියත බියකින් තොරව හෙට සිට දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා රටේ සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියි.

දෙවන පාසල් වාරය ඇරඹුණ මෙහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇති අතර රට තුළ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගෙන ඇති බවද යුද හමුදාපතිවරයා සිහිපත් කළේ ය.

යුද හමුදාපතිවරයා පවසන්නේ, අනත්වාදී ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු මේ වනවිට රට තුළ ආරක්ෂාව තහවුරු කර ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට යුද හමුදාව ඇතුළු ආරක්ෂ අංශ දැඩි කැපවීමකින් කටයතු කර ඇති බවයි.

ත්‍රස්ත ප්‍රහාරයෙන් කෙටි කාලයක් තුළ ත්‍රස්තවාදීන් විනාශ කර හා ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් හා සාමය ආරක්ෂා කිරීම සඳහා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව උපරිම දායකත්වය ලබා දෙමින් සිටින බවයි.

 

නව අදහස දක්වන්න