මිනුවන්ගොඩ කලහයට සම්බන්ධ නැති පිරිසකුත් අත්අඩංගුවේ | දිනමිණ

මිනුවන්ගොඩ කලහයට සම්බන්ධ නැති පිරිසකුත් අත්අඩංගුවේ

ගයාන් කුමාර වීරසිංහ

මිනුවන්ගොඩ නගරයේ ඇතිවුණු කලහාකාරී සිදුවීම් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගතකර සිටින සැකකරුවන් අතර එම කලහාකාරී සිදුවීම්වලට කිසිසේත්ම සම්බන්ධ නැති කිහිප දෙනෙක් සිටින බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඉදිරි නඩු දිනයේ දී ඒ අය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තාකර මුදා හැරීමට අවශ්‍ය පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

මිනුවන්ගොඩ ගිනි තැබූ සැබෑ අපරාධකරුවන් මේ වන විට හෙළි වී ඇති බවත් ළඟදීම ඔවුන්ව අත්අඩංගුවට ගන්නා බවත් එම නිලධාරියා පැවැසීය. ඒ අය අතර විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂයක ක්‍රියාකාරිකයෙක් සිටින බවද ඔහු කීය. මිනුවන්ගොඩ ගිනි තැබීමට ජනතාව මෙහෙයන ලද්දේ ඔහු බවට තොරතුරු රැසක් හෙළිවෙමින් ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.


නව අදහස දක්වන්න