විෂ වායු අග්‍රාහණය වීමෙන් පුද්ගලයෙක් මරුට | දිනමිණ

විෂ වායු අග්‍රාහණය වීමෙන් පුද්ගලයෙක් මරුට

විෂ වායුවක් ආග්‍රහණයවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. ඒ රත්නපුර පොලිස් වසමේ කරන්ගොඩ, බලිබත්ගොඩ ප්‍රදේශයේ දී ය.
 
ඊයේ (20) උදෑසන 10.00ට පමණ මෙම අනතුර සිදුව තිබේ.
 
කරංගොඩ ,බලිබත්ගොඩ ප්‍රදේශයේ දී පතලකට ඇද වැටුනු පුද්ගලයෙකු බේරා ගැනීමට ගිය තවත් පුද්ගලයෙකු විෂ වායුයක් ආග්‍රහනය වීමෙන් පතල තුළට ඇද වැටී මිය ගොස් ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 20ක පුද්ගලයෙකි. 
 
මෘත ශරීරය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්‍ෂණය හා පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකර විෂ වායුවක් ආග්‍රහනය වීමෙන් සිදු වූ මරණයක් බවට තීරණය කර සිරුර ඥාතීන්ට භාර දී ඇත. එසේම මෙම පතලට ඇද වැටුනු පුද්ගලයා ද රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.  
 

නව අදහස දක්වන්න