මියන්මාර වෙසක් සැමරුම | දිනමිණ

මියන්මාර වෙසක් සැමරුම

මියන්මාර් තානාපති කාර්යාලයේ මෙහෙයවිමෙන් ආගමික වැඩසටහන් රැසක් වෙසක් පොහොය නිමිති කොටගෙන සිදු විය.

පසුගිය වසරට වඩා යැන්ගොන් නගරයේ මෙන්ම අනෙකුත් ප්‍රදේශවල ද විථි බෞද්ධ කොඩි වලිනස් සකස් කර වෙසක් පහන් කුඩු ආදිය වැඩි වශයෙන් ප්‍රදර්ශනය කර තිබිමමෙම වසරේ විශේෂත්වයක් විය.

වෙසක් පොහොයට සමගාමීව ලාංකික භික්ෂූන් වහන්සේලා විසින් පරිත්‍රාණ ධර්ම දේශනයක්ද පැවැත්වු බව මියන්මාරයේ ශ්‍රි ලංකා තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා සදහන් කළහ.

මියන්මාරයේ ජපන් විහාරයේ විහාරාධීපති අතිපුජ්‍ය මහා සංඝජෝතික අවුන්සබු මහානාහිමියන්ගේ අනුශාසානා පරිදි සම්බුද්ධ පූජාව, ශීල සමාදානය සහ භාවනා වැඩසටහන්, ධර්ම සාකච්ඡාව, දානය පිළිගැන්වීම , ධර්ම දේශනය හා ධර්ම සාකච්ඡාව , පිරිත් දේශනා ආදි පිංකම් රැසක් පැවැත්වනු ලැබීය.

මේ සදහා තායි, සිංගප්පුරුව , ලාඕස්, කාම්බෝජ තානාපතිතුමන්ලා ඇතුලු ශ්‍රී ලංකා තායි, බුරුම මහා සංඝරත්නය සමඟ ගිහි පැවිදි ආරාධිතයන් ද සහභාගි වීය.


නව අදහස දක්වන්න