පාසල් සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට | දිනමිණ

පාසල් සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට

දිවයින පුරා පාසල්වල සිසුන්ගේ පැමිණීම සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ.
 
බොහෝ පාසල්වල සිසුන්ගේ අද(21) පැමිණීම සියයට 90 ඉක්මවන බව සදහන් වේ.
 
සැම පාසලක ආරක්ෂාව වෙනුවෙන් යුධ හමුදාව සහ පොලිසිය එකාබද්ධව ආරක්ෂිත වැඩ පිලිවෙලක් දියත් කර තිබේ. පාසලට පැමිණි ළමුන් අමතර බෑග රැගෙන එමෙන් වැළකි සිටි අතර දිනයට අදාළ අධ්‍යයන කටයුතු සදහා අවශ්‍ය පොත්පත් පමණක් පාසල් ළමුන් රැගෙන එනු ලැබූ බව වාර්තාවේ. 
 
සියලුම පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ ප්‍රමුඛතම කාර්ය ලෙස සළකා සියලු ආරක්ෂාව ලබාදී තිබෙන බැවින් දරුවන් අද දිනයේ සිට පාසල වෙත යැවීමට කටයුතු කරන ලෙස යුදහමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඊයේ(20) ඉල්ලීමක් කරනු ලැබීය.
 
රට රකින ජාතිය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අප රටේ සියලු පුරවැසියන්ගේ දේපලවලත් ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම කැපවීමෙන් සිටින බවත් අප රටේ අනාගතය වන ළමා පරපුර ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සළකා පාසල්වලට ආරක්ෂාව සපයා ඇති හෙයින් සියලු සිසු දරුවන් පාසල් වෙත යොමුකරන ලෙස යුද හමුදාපතිවරයා දැනුම් දෙන ලදි.
 
එසේම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක පැමිණීම ද අද දිනයේ සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වේ. 
 
 
 
 
 
 
 

නව අදහස දක්වන්න