ඥාණසාර හිමිට නිදහස දෙන ලිපි තවම ලැබී නැහැ | දිනමිණ

ඥාණසාර හිමිට නිදහස දෙන ලිපි තවම ලැබී නැහැ

 සිරදඬුවම් විඳින බොදුබලසේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ඊයේ(22) පස්වරුවේ අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
 
කෙසේ නමුත් ඊට අදාළ ලිපි ලේඛන මෙතක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවට ලැබී නොමැති බව එහි ප්‍රකාශකයෙක් අප කළ විමසීමකදී සදහන් කළේය.
 
උන්වහන්සේට නිදහස ලබා දීමේ මූලික අදියර යටතේ ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය21වනදා බන්ධනාගාර මූලස්ථානයෙන් වාර්තාවක්ද කැඳවා තිබුණි.
 
අධිකරණයට අපහස කිරීමේ චෝදනාවට වරදකරු වූ ඥානසාර හිමිට 2018 අගෝස්තු 08වැනිදා අභියාචානාධිකරණය මගින් වසර 19ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කෙරුණු අතර එම දඬුවම වසර හයකින් ගෙවී යන ලෙස පනවනු ලැබ තිබුණි. 
 
මේ අතර අද(23) පස්වරු 3.00 උන්වහන්සේ බන්ධනාගාරයෙන් රැගෙන යාමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි එම සංවිධානයේ ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියෝ පැවසූහ.
 

නව අදහස දක්වන්න