නැ‍ෙඟනහිර පළාත් යුද සැමරුම | දිනමිණ

නැ‍ෙඟනහිර පළාත් යුද සැමරුම

මැදිරිගිරිය සමුහ-ඩබ් ඒ පියතිලක

10 වන විජයග්‍රාහී යුද සැමරුව නිමිත්තෙන් නැගෙනහිර පළාත් ප්‍රධාන යුද සැමරුම (22)දින නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ උපදෙස් පරිදි ඉදිරි නඩත්තු පෙදෙස නැගෙනහිර ආඥාපති මනෝජ් මුදම්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.

පොලොන්නරුව තෝපාවැව ක්‍රිඩාංගණයෙන් ආරම්භ වී විජයග්‍රාහී අලංකාරවත් වූ ධජ පෙළපාළියක් කොළඹ මඩකළපුව ප්‍රධාන මාර්ගය ඔස්සේ ගමන් කරමින් පරාක්‍රම සමුද්‍රය අසල ඇති දීපඋයන දක්වා දර්ශනීය පෙළපාළිය නිමාවට පත් කළේය.

නිලධාරින් 153කින් සහ සෙසු නිලයන් 1403 දෙදෙනෙකුත් සහ නැඟෙනහිර ඉදිරි නඩත්තු පෙදෙස රාජකාරි කරනු ලබන නිලධාරීහු සහ සෙසු නිලයෝද සහභාගී වූහ.

ඊට අමතරව යුද හමුදා සන්නද්ධ රථ පිරිස් හා යතුරුපැදි කණ්ඩායම් ද ඊට සහභාගී වි තිබිණ.

මේ සඳහා පොලොන්නරුව පොලිස් බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ධම්මික විරසිංහ මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරින්ගේ සහයොගයෙන් 10 වන විජයග්‍රාහී යුද සැමරුම් පෙළපාළිය වෙනුවෙන් දායකත්වය දැක් වුහ.


නව අදහස දක්වන්න