තල්ගොඩපිටිය කුඹුරක් නීතිවිරෝධීව ගොඩ කරලා | දිනමිණ

තල්ගොඩපිටිය කුඹුරක් නීතිවිරෝධීව ගොඩ කරලා

පොල්පිතිගම සමුහ

තම ගොවි සංවිධාන බල ප්‍රදේශයට අයත් සින්නක්කර කුඹුරක් එක්තරා ව්‍යාපාරිකයකු විසින් නීති විරෝධී ලෙස ගොඩ කරමින් පවතින බව ඉබ්බාගමුව, තල්ගොඩපිටිය වී වගා කරන්නන්ගේ සංගමයේ සභාපති එච්.එම්.ටිකිරිබණ්ඩා මහතා පවසයි.

කුඹුරට පහළින් පිහිටි වැවෙහි ගිල්ම ජලයට මෙම කුඹුර යට වන බැවින් නැවත වී වගා කළ හැකි වන පරිදි අඩි දෙකක ප්‍රමාණයක් ගොඩ කරන ලෙස මීට පෙර කර තිබු නිර්දේශයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් මෙම ගොඩ කිරීම සිදු කරන බව සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටී.

මේ සදහා ඇතැම් රජයේ නිලධාරීන්ගේ සහයෝගයද ලැබෙන්නට ඇතැයි ප්‍රකාශ කරන ටිකිරිබණ්ඩා මහතා හිටපු ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් එම්.ඒ.එස්. වීරසිංහ මහතාගේ අත්සනින් යුතු 2017.01.25 දින සහිත ලිපියක් මගින් මේ සදහා අනුමැතිය ලබා දී ඇතැයි ප්‍රකාශ කරයි. මෙසේ ගොඩකරමීන් ඇත්තේ කුරුණෑගල - දඹුල්ල ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි හතළිස් ලාහ දෙණිය නමින් හදුන්වන අක්කර 1 යි පර්චස් 15.7 ක විශාලත්වයකින් යුතු කුඹුරු ලේඛනයේ ඇතුළත්ව ඇති සින්නක්කර කුඹුරකි.


නව අදහස දක්වන්න