බෙලගම්වැව පාර හදමු ද? | දිනමිණ

බෙලගම්වැව පාර හදමු ද?

 ගම්මාන හයක ජනතාව යන එන උල්හිටිය වැව් සොරොව්වේ සිට බෙලගම්වැව දක්වා ඇළ බැම්ම මතින් දිවෙන මාර්ගය දැඩිලෙසම අබලන් වීම හේතුවෙන් ගම්මාන කිහිපයකම ජනතාවට අසීරුතා රැසකට මුහුණ පෑමට සිදුවී තිබේ. වැසි සමයේදී පාර සෝදාගෙන යෑම හේතුවෙන් ගොවිගම්මාන 14කට වාරි ජලය බෙදාහරින ප්‍රධාන ඇළ ගොඩවීමේ අවදානමක්ද පවතී.

මේ මාවත ඉදිකොට වසර 40කට ආසන්න කාලයක් ගතවීඇතත් මේ වනතෙක් අලුත්වැඩියාවක් සිදුකොට නොමැති බවටද ප්‍රදේශවාසීහු චෝදනා නගති. මේ පිළිබඳ ගිරාදුරුකෝට්ටේ මහවැලි කොට්ඨාස කළමනාකාර කේ. එම්. එච්. එස්. කුලසේකර මහතාගෙන් විමසීමේදී ඔහු කියාසිටියේ මාර්ගය අලුත්වැඩියා කොට තාර දැමීම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කොට ඇති බවයි.

ඡායාරූපය - ගිරාඳුරුකෝට්ටේ සමූහ සෝමදාස සමරගුණරත්න 

නව අදහස දක්වන්න