යුවලකට තියුණු ආයුධයකින් පහර දීමක් - පිරිමි පුද්ගලයා මරුට | දිනමිණ

යුවලකට තියුණු ආයුධයකින් පහර දීමක් - පිරිමි පුද්ගලයා මරුට

වීරගුල පොලිස් වසමේ වීරගුල ප්‍රදේශයේ නිවසක සිටි යුවලකට පුද්ගලයෙකු තියුණු  ආයුධයකින් පහර දීමෙන් පිරිමි පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත.
 
ඊයේ(22) උදෑසන 6.10 පමණ මෙම පහර දීම සිදුව ඇති අතර වීරගුල පොලීසියට ලද පණිවිඩයක් මත විමර්ශන අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. 
 
සිද්ධියෙන් තුවාල ලැබු යුවල ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටිය දී උදෑසන 10ට පමණ පිරිමි පුද්ගලයා මියගොස් ඇත.
 
මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 54 ක් වූ අයෙකි. 
 
මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනා ගෙන ඇත. අත්අඩංගුවට ගැනීම සඳහා වීරගුල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලැබේ.

නව අදහස දක්වන්න